විකිහවු
From Wikipedia, the free encyclopedia
විකිහවු (WikiHow) යනු විවිධ දේ සිදුකරන ආකාරය පිළිබඳ ව මගපෙන්වීම් (how-to guides) සහිත වෙබ් අඩවියක් වන අතර එය විකි ක්‍රමවේදය යටතේ ප්රජාවකගේ ස්වේච්ඡා දායකත්වයෙන් පවත්වාගෙන යනු ලැබේ.
වර්ගය | පුද්ගලික |
---|---|
ප්‍රධාන කාර්යාලය | පාලෝ අල්ටෝ, කැලිෆෝර්නියාව, එක්සත් ජනපදය |
සමාගමේ පාඨය(න්) | "We're trying to help everyone on the planet learn how to do anything. Join us."(අපේ අරමුණ ඕනෑම දෙයක් සිදුකරන ආකාරය කාහටත් කියා දීමයි. ඔබත් අප සමග එක්වන්න.) |
වෙබ් අඩවිය | wikihow.com |
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම | 205 (Mar 2018[update])[1] |
ලියාපදිංචිය | අනිවාර්ය නැති නමුත් පින්තූර උඩුගත කිරීම, අලුතින් සිදු වූ සංස්කරණ පරීක්ෂාව සහ ආරක්ෂිත පිටු සංස්කරණය වැනි ඇතැම් කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය වේ. |
භාෂාවන් | ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ඕලන්ද, පෘතුගාල, ප්‍රංශ, ජර්මන්, ඉතාලි, චීන, රුසියානු, චෙක්, ජපන්, ඉන්දුනීසියානු, අරාබි, තායි, කොරියන්, වියට්නාම්, හින්දි |
දියත් කළේ | ජනවාරි 15, 2005; වසර 19 කට පෙර (2005-01-15) |
දැනට තත්ත්වය | ක්‍රියාකාරී |
2005 වසරේ දී අන්තර්ජාල ව්‍යවසායකයෙක් වන ජැක් හෙරික් විසින් ආරම්භ කළ මෙම වෙබ් අඩවිය ලෝකයේ සිටින සෑම අයකුටම ඕනෑම දෙයක් සිදුකරන ආකාරය ඉගෙනීමට හැකිවන පරිදි වඩාත් ම ප්‍රයෝජනවත් ප්‍රායෝගික උපදෙස් සැපයීම අරමුණු කරගනී.
සමාජ පරමාර්ථයක් උදෙසා ක්‍රියාකරන ලාභ ලබන ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යනු ලබන බැවින් විකිහවු යනු දෙමුහුන් සංවිධානයක් ලෙස හැඳින්විය හැක. විකිහවු යනු විවෘත කේත සහ විවෘත අන්තර්ගතය (open content) යන සංකල්පයන්ට අනුගත ව ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වෙයි. ඔවුන් විසින් වැඩිදියුණු කරගන්නා ලද මීඩියාවිකි මෘදුකාංගයේ අනුවාදය නොමිලේ නිදහස් කර ඇති අතර අන්තර්ගතය ද ක්‍රියේටිව් කොමන්ස් වරපතක් (BY-NC-SA) යටතේ සැපයෙයි.
2005 පෙබරවාරි වනවිට විකිහවුහි පැවති ලිපි සංඛ්‍යාව මිලියන 35.5 කි. මේ වනවිට 190, 000 කට අධික මගපෙන්වීම් ප්‍රමාණයක් එහි දක්නට ඇති අතර ලියාපදිංචි පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 1.6කි. 2010 අප්‍රේල් 11 වන දින How to Lose Weight Fast නම් විකිහවු ලිපිය නැරඹීම් මිලියන 5කට හිමිකම් කීවේ අඩවිය තුළ වැඩිම නැරඹීම් ලද ලිපිය බවට පත්වෙමිනි. How to Take a Screenshot in Microsoft Windows නම් විකිහවු ලිපිය දැනට අඩවියේ ඇති ජනප්‍රියම ලිපිය වෙයි. විකිහවු අඩවිය පවසන පරිදි හදිසි අවස්ථා දරුඋපත් 4ක් සාර්ථක ව සිදු වී ඇත්තේ ද විකිහවු ලිපියක වූ උපදෙස් පරිශීලනය නිසාවෙනි.