From Wikipedia, the free encyclopedia
වික්ෂෝප අප ස්වාමිදුව (ලතින්: බෙයාතා මරියා වීර්ගෝ පෙර්ඩොලෙන්ස්), වික්ෂෝප දේව මෑණියෝ, වික්ෂෝප දේව මාතාව හෝ වික්ෂෝප මාතාව (ලතින්: මාටර් ඩොලරෝසා), සහ වික්ෂෝප අප මෑණියෝ, සප්ත වික්ෂෝපයන්ගේ අප ස්වාමිදුව යනු, ඇයගේ ජීවිතයෙහි අත් දුටු වික්ෂෝපයන් හා සම්බන්ධයෙන් කන්‍යා මරියතුමිය හැඳින්වෙන නම් වෙති. මාටර් ඩොලරෝසා ලෙසින්, එය කතෝලික සභාවෙහි මරිය ශිල්පය සඳහා ප්‍රධාන මාතෘකාවක්ද වෙයි.
වික්ෂෝප අප ස්වාමිදුව | |
---|---|
ගරු කරනු ලබනුයේ | රෝමානු කතෝලික සභාව |
මංගල්‍යය දින | සැප්තැම්බර් 15 මහ සිකුරාදා දිනට පෙර සිකුරාදා |
ලාක්ෂනික ගුණාංග | භාග්‍යවත් කන්‍යා මරියතුමිය දුක්බර තත්ත්වයක, කඳුළු සලමින්, කිණිසි සතකින් විනිවිද ගිය ලේ ගලන හදවත |
අනුග්‍රාහකත්වය |
මරියතුමියගේ වික්ෂෝප සත, ජනප්‍රිය රෝමානු කතෝලික ඇදහිල්ලකි. පොදුවෙහි භාවිතා වන ආගමික රූපයන්හී, කන්‍යා මරියතුමිය දැක්වෙන්නේ වික්ෂෝප ජනක සහ කඳුළු සලමින් සිටිමින්, දිගු කඩු හෝ කිණිසි හෝ එකක් හෝ සතක් හෝ ඇයගේ හදවත විනිවිද යමින් බොහෝවිට ලේ ගලමින් සිටින ලෙසකිනි. ධ්‍යානය අඩංගු ඇදහිලි යාච්ඤා වෙතින් ඉස්මතු කෙරුණේ, සිමියොන් තුමන්ගේ අනාගත වාක්‍යය මත පදනම් වූ එතුමියගේ වික්ෂෝප සත වෙයි. මෙම මාතෘකාව යටතෙහි දැක්විය හැකි භක්තිය පිළිබඳ පොදු නිදසුන් වන්නේ සර්වයිට් ජපමාලය, හෝ සප්ත වික්ෂෝප අප ස්වාමිදුවගේ ජපමාලය සහ මරියතුමියගේ සප්ත ප්‍රමෝද සහ මෑතකදී එක්වූ, "මරියතුමියගේ වික්ෂෝපජනක සහ නිර්මල හෘදය" වෙති.
වික්ෂෝප අප ස්වාමිදුවගේ මංගල්‍යය ජනවන්දනාමය ලෙසින් සෑම සැප්තැම්බර් 15 දිනකම පැවැත්වෙන අතර, සමහරක් කතෝලික රටවල වික්ෂෝප සිකුරාදා මංගල්‍යයක් පැවැත්වෙයි.
වික්ෂෝප සත වනාහී, පොදු ඇදහිල්ලට පාත්රවූ භාග්‍යවත් කන්‍යා මරියතුමියගේ ජීවිතයේ සිද්ධීන් වන අතර කලා කෘතීන්හී නිතොර නිරූපනයට ලක්වෙයි.[1]
වික්ෂෝප සත, ජපමාලයෙහි වික්ෂෝපජනක අභිරහස් පහ සමග පටලවා ගත යුතු නොවෙයි.
කතෝලිකයන් විසින් සෑම දිනකම, ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි යාච්ඤාව එක් වරක්ද එක් අභිරහසකට එකක් බැගින් නමෝ මරිය යාච්ඤා සතක්ද උච්චාරණය කිරීම පොදු පරිචයක් වෙයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.