![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/83/Burjdubaiaug92007.jpg/640px-Burjdubaiaug92007.jpg&w=640&q=50)
ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව
From Wikipedia, the free encyclopedia
ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව යනු ඉංජිනේරු ක්ෂේත්රයේ ව්‍යුහමය පද්ධති නිර්මාණය හා පවතින ව්‍යුහමය පද්ධතිවල පැවැත්ම සම්බන්ධ ක්‍රියාකාරකම් වලට උපකාරී වන විද්‍යාවයි. අනෙකුත් ආදේශික ක්ෂේත්‍ර ලෙස භෞතික වස්තූන් හා පද්ධති, කාර්මික යෙදීම් හා ශක්ති ගබඩා කරනය හා විසුරුවා හරින ව්‍යුහමය නිර්මාණද මෙයට ඇතුලත්ය. ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව, සිවිල් ඉංජිනේරු විද්‍යාවේ විශේෂ ක්ෂේත්රයක් ලෙස සැලකිය හැකි නමුත් ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාවටම ආවේණික ක්‍රමවේදයක් ද පවතී.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/83/Burjdubaiaug92007.jpg/640px-Burjdubaiaug92007.jpg)
ව්‍යුහාත්මක ඉංජිනේරුවෙකු ප්‍රධාන වශයෙන් ගොඩනැගිලි හා ගොඩනැගිලි නොවන ව්‍යුහ නිර්මාණය කරන අතර උපකරණ වල ව්‍යුහාත්මක නිර්මාණයන් ටද දායක වන අතර එම නිර්මාණ වල ආරක්ෂාව හා නිරවද්‍යතාවය ගැන ඇතිවන බලපෑම් ද සලකා බලනු ලැබේ. මිනිසුන්ගේ විශාල නිර්මාණ වන ගෘහභාණ්ඩ වල සිට වෛද්‍ය උපකරණ විවිධ වර්ගයේ වාහන ව්‍යුහාත්මක ඉංජිනේරුවෙකුගේ විශේෂ නිපැයුම් ලෙස සැලකිය හැක.
ව්‍යුහාත්මක ඉංජිනේරුවන් විශේෂයෙන් ම නිර්මාණයේ ආරක්ෂාකාරි බව පිළිබද සැලකිලිමත් විය යුතු අතර ආරක්ෂාව පිළිබද අනාවැකි ( ව්‍යුහයේ අනතුරු ඇගවීමකින් තොරව බිද නොවැටිය යුතුයි) ක්‍රියාකාරී උපමාන හෝ සේවාවන් පිළිබදව සැලකිය යුතුය. ව්‍යුහාත්මක ඉංජිනේරුවන් නිර්මාණාත්මක නිපැයුම් කාර්යක්ෂමව මුදල් පාවිච්චිය හා ද්‍රව්‍ය වල උසස් බව ආදිය ගැන වගකීමක් දැරිය යුතුයි.