පුරාතන ඉන්දියාවේ සමූහාණ්ඩුව From Wikipedia, the free encyclopedia
වජ්ජි (සංස්කෘත: Vṛji හින්දි: वज्जि ) හෙවත් වෘජ්ජි යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඉන්දියාවේ සොළොස් මහාජනපද අතුරින් එකක් වූ සමූහාණ්ඩුවකි. මෙහි පාලන ප්‍රජාව අතරට ලිච්ඡවීන් ඇතුළු වංශ කිහිපයක් අයත් විය. මෙහි පාලනය පැවති ප්‍රදේශයට වර්තමාන උතුරු බිහාරයේ මිථිලාව අයත් වූ අතර, මෙහි අගනගරය වූයේ වෛශාලියයි.[1]
වජ්ජි | |||||||
---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 700 පමණ–ක්‍රි.පූ. 400 පමණ | |||||||
අගනුවර | වෛශාලී[1] | ||||||
පොදු භාෂා(ව) | මෛථිලි, ප්රාකෘත | ||||||
ආගම | ජෛන ආගම හින්දු ආගම බුද්ධාගම | ||||||
රජය | සමූහාණ්ඩුව[1] | ||||||
මහාරාජ | |||||||
Historical era | ලෝකඩ යුගය, යකඩ යුගය | ||||||
• Established | ක්‍රි.පූ. 700 පමණ | ||||||
• මගධයෙහි අජාතශතෘ විසින් යටත් කරගැනීම | ක්‍රි.පූ. 400 පමණ | ||||||
| |||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව නේපාලය |
බෞද්ධ ග්රන්ථයක් වන අංගුත්තර නිකාය මෙන්ම ජෛන ග්රන්ථයක් වන භගවතී සූත්‍රය (සය xv උද්දේස I) තුළ ද වජ්ජිය සොළොස් (දහසය) මහාජනපදවලින් එකක් බව සඳහන් වේ.[2] මෙම මහාජනපදයේ නාමය එහි පාලන වංශයක් වූ වෘජ්ජීන්ගේ නාමයෙන් පැනනැඟුණකි. වජ්ජි රාජ්‍යයේ සමූහාණ්ඩු පාලන තන්ත්රයක් පැවති බව සඳහන් වේ. මෙම වංශය පිළිබඳ පාණිනි, චානක්‍ය සහ හියුංසාං විසින් ද සඳහන් කොට තිබේ.[3]
වජ්ජි භූමිය පිහිටියේ බිහාරයේ ගංගා නදියට උතුරින් වන අතර, එය මාධේශ් කලාපය තෙක් විහිදිණි. බටහිරින්, ගාන්දකී ගඟ බොහෝවිට වජ්ජියෙහි සහ මල්ලයෙහි දේශසීමාව වූ අතර, එය කෝසල මහාජනපදයෙන් ද මායිම් වන්නට ඇත. නැගෙනහිරින් මෙහි භූමිය කෝෂි සහ මහානන්ද ගක් ඉවුරුවල වූ වනාන්තර තෙක් විහිදිණි. මෙම මහාජනපදයෙහි අගනුවර වූයේ වෛශාලියයි. මෙහි වූ අනෙකුත් වැදගත් නගර සහ ගම්මාන අතරට කුණ්ඩපුර හෙවත් කුණ්ඩග්‍රාම (වෛශාලි අසල), භෝගනගර සහ හත්ථිගාම දැක්විය හැක.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.