රෝමානු කෘෂිකර්මය
From Wikipedia, the free encyclopedia
පුරාතන රෝමයේ කෘෂිකර්මය යන්න අත්යාවශ්යකයක් පමණක් නොව, සමාජ ප්‍රභූ පිරිස් අතර ජීවනෝපායයක් ලෙසින් උත්කෘෂ්ට ලෙසින් සැලකිණි. සිසරෝ විසින් ගොවිතැන සැලකුනේ විශිෂ්ටතම රෝමානු වෘත්තිය ලෙසිනි. රාජකාරියේ යෙදීම නමැති ඔහුගේ නිබන්ධයෙහි, ඔහු විසින් ප්‍රකාශ කර තිබූ පරිදී "ප්‍රතිලාභයක් ලැබිය හැකි සියළු වෘත්තීන් අතුරින් කෘෂිකර්මයට වඩා හොඳ, එයට වඩා ලාභදායී, එයට වඩා ආනන්දජනක, එයට වඩා නිදහස් මිනිසෙකුට ගැලපෙන කිසිවක් නොමැත." ගම්බද ජීවනරටාවට ප්‍රියමනාප වීම නිසා තම සේවාදායකයෙක් අධිකරණයේදී සමච්චලයට ලක්වූ අවස්ථාවකදී, සිසරෝ විසින් ගම්බද දිවිය වෙනුවෙන් කරුණු සපයමින් කියා සිටියේ "ආර්ථිකයේ, කර්මාන්තයන්හී, සහ අධිකරණයේ ගුරුවරයා බවයි" (පර්සිමෝනියා, ඩිලිගෙන්ෂියා, යූස්ටික්ෂියා).[1] කාටෝ, කොළුමෙල්ලා, වරෝ සහ පැලඩියස් යන අයවළුන් ගොවිතැන් කර්මාන්තය පිළිබඳ පොත් ලිවූහ.
ප්‍රධාන භෝගය තිරිඟු වූ අතර, සැම රෝමානු කෑම මේසයකම ප්‍රධාන කෑම වර්ගය වූයේ පාන්ය. ඔහුගේ ඩි ඇග්රිකුල්ටුරා ("ගොවිතැන පිළිබඳ", ක්‍රිපූ 2වන සියවස) නිබන්ධනයෙහි, කැටෝ ලියාදැක්වූයේ, හොඳම ක්‍රමය නම් මිදිවත්තකට පසු, ජලසම්පාදිත උද්‍යානයක්ද, ඉන් පසු විලෝ වගාවක්ද, ඉන්පසු ඔලිව් ඵලෝද්යානයක්ද, ඉන්පසු තණබිමක්ද, ඉන්පසු ධාන්‍ය සපයන බිමක්ද, ඉන්පසු කැලෑ ගස්ද, ඉන්පසු ගස්වල එතුණු මිදිවත්තක්ද, සහ අවසානයට ඕක් වනාන්තරයක්ද වශයෙන් බවයි.[2]
විජයග්‍රහණය සහ යුද්ධකිරීම මගින් එය විසින් අත්පත් කරගත් එහි බොහෝ පළාත් විසින් සම්පත් සපයනු ඇතැයි රෝමය බලාපොරොත්තු තැබුවද, ධනවත් රෝමානුවෝ ඉතාලියේ ඉඩම් සංවර්ධනය කරමින් විවිධ බෝග වැවූහ. "ඉතාලියානු ගොවිපොලහී නිපැයුනු ආහාර මිලදී ගැනීම සඳහා විශාල වෙළෙඳපොලක් රෝම නගරයේ ජීවත්වූ ජනතාව විසින් සපයාදෙන ලදි."[3]
සාමාන්‍ය ජනතාව වෙතින් ප්රභූතාන්ත්රිකය වෙන් කොට හඳුනාගැනීමට ඉඩම් හිමි බව ප්රමුඛ සාධකයක් වූ අතර, රෝමන් වරයෙකු බොහෝ ඉඩම් හිමිකරුවෙකු වූ තරමට, සමාජයට ඔහු ඉතා වැදගතෙකු වීමද බොහෝ විය. ඔවුන් සේවය කල ආඥාපතියා වෙතින් සොල්දාදුවන් හට බොහෝවිට ඉඩම් ප්රදානය කෙරිණි. ගොවිපොලහී කාර්යයන් වහල් සේවය මත බොහෝ යැපුනද, වහලුන් පිළිබඳ අධීක්ෂණය කිරීම හා ගොවිපොළ කටයුතු සුමට ලෙසින් සිදුවන බව සහතික කරනු වස් නිදහස් මිනිසුන් සහ පුරවැසියන් කුලියට ගෙන ගොවිපොලහී භාවිතා කෙරිණි.[3]