රුහුණු රාජධානිය (කෙටියෙන් රුහුණු රට) මහවැලි ගඟට දකුණින් පිහිටි භූමි ප්‍රදේශය අතීතයේ හැඳින්වූ නාමයයි. එහි බොහෝ විට ස්වදේශීය ජනයා වාසය කළේය. නමුත් මහානාග රජ විසින් රුහුණේ මාගම රාජ්‍යය ආරම්භ කළේය. පසුකාලීනව කතරගම ප්‍රදේශයද මාගම, කාවන්තිස්ස රජගේ පියා වූ ගෝඨාභය රජ මාගම රාජ්‍යය වෙත ඈදා ගත්තේය. ඒ වනවිට රුහුණ තුළ මාගම රාජ්‍යය හැර කැළණි රාජ්‍යය (කැළණිය), ගිරි රාජ්‍යය (මහියංගනය අසල), සේරු රාජ්‍යය (සේරුවාවිල) ලෙස තවත් ප්‍රාදේශීය රාජ්‍ය තුනක්ද විය. නමුත් කාවන්තිස්ස රජ විසින් ආවාහ, විවාහ, ආගමික යන උපක්‍රම මගින් වෙන්ව තිබු මෙම රාජ්‍ය එක්කොට රුහුණ එක්සත් කළේය.

ආශ්‍රිත ලිපි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.