From Wikipedia, the free encyclopedia
වඳ වී යාමේ තර්ජනයට ලක්වූ ශාක හා සත්ත්ව කොටස් ලැයිස්තු ගත කිරීම සඳහා රතු දත්ත පොත බිහි වී ඇත. ලෝකයේ විවිධ පාරිසරික හා මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන වඳ වී යන සත්ත්ව ශාක ප්‍රජාව සංගණනයකට ලක් කොට ඒ කෙරෙහි අවධානය යොමු කිරීම හා අදාළ සත්ත්ව වර්ග රැකගෙනීම මෙහි මූලික පරමාර්ථය විය. ලැබෙන දත්ත විධිමත් ක්‍රමවේදයකට අනුව සලකා බලා සත්ත්ව හා ශාක කොටස් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් කෙරේ. මෙහි වගකීම දරනු ලබන්නේ ස්වභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමය විසිනි. (IUCN - International Union for the Conservation of Nature and Natural Resources)
සංස්ථාපනය | 1964 |
---|---|
මූලස්ථානය | එක්සත් රාජධානිය |
ප්‍රදේශය සේවය සැපයෙන | අන්තර්ජාතික |
නිල භාෂා | ඉංග්‍රීසි |
පීතෘ සංවිධානය | International Union for Conservation of Nature |
Affiliations | Species Survival Commission, Birdlife International, Conservation International, NatureServe, Botanic Gardens Conservation International, Royal Botanic Gardens, Kew, Texas A&M University, Sapienza University of Rome, Zoological Society of London, Wildscreen |
වෙබ් අඩවිය | iucnredlist.org/ |
පරිසරය පිළිබඳ සුවිශේෂී අවධානයෙන් යුක්තව ලෝක මට්ටමෙන් බිහි වූ ප්‍රථම සංවිධානය වන්නේ(IUCN) පාරිසරික සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමයි.ස්වාධින ජාත්‍යන්තර ආයතනයක් වන මෙම සංගමය 1948 දී පැරීසියේ හොන්ටන් බ්ලු නගරය මුලස්ථානය කරගෙන බිහි විය. 1956 දී ස්වාභාවික ධර්මතා හා ස්වභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමය ලෙස යලි නම් කරන ලද අතර එහි වත්මන් මුලස්ථානය ස්විට්සර්ලන්තයේ ග්ලෑන්ඩ් නගරයේ පිහිටා තිබේ. IUCN හි ක්‍රියාකාරී තේමාව වන්නේ “මිනිසාගේ ස්වභාවික පරිසරයේ සදාකාලික පැවෙත්ම සහතික කිරීම උදෙසා විද්‍යාත්මක පදනමක් සහිත ක්‍රියාකාරිත්වයක් පවත්වාගෙන යාමයි”. එහිලා ඔවුන් දක්වන ප්‍රධාන අරමුණක් වන්නේ “ මිහිපිට ඇති කිසිඳු ශාක හෝ සත්ත්ව විශේෂයක් වඳ වීමේ තර්ජනයට ලක් නොවන පරිදි ඒවායේ ආරක්ෂව සහතික කරලීම සඳහා ක්රමෝපායන් යෙදවීමයි. එකී අරමුණ මුලික කොටගෙන 1914 දී වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින සත්ත්ව හා ශාක විශේෂ පිලිබඳ දත්ත හා තොරතුරු ඇතුලත් ප්රකාශනයක් වන රතු දත්ත පොත (red data book) පලකිරීමට පියවර ගන්න ලදී. එහි මුලිකත්වය IUCN Species Survival Commission (SSC) වෙත භාර දී තිබේ.
අනුව සංරක්ෂණ තත්ත්වය | |
---|---|
වඳ වී ගිය | |
| |
තර්ජනයට ලක්වූ | |
| |
අඩු අවදානමක් සහිත | |
| |
වෙනත් ප්‍රවර්ග | |
| |
සබැඳෙන මාතෘකා
| |
රතු ලැයිස්තු පන්ති (ඉහත) සහ නේචーසーව් තත්ත්වය (පහත) සංසන්දනය කිරීම | |
වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති ස්වාභාවය සැලකිල්ලට ගෙන IUCN මගින් විවිධ නිර්ණායක ගොඩ නගා තිබේ.කාලීන විවිධ වෙනස්කම් සමගින් රතු දත්ත වර්ගීකරණයකොටස් 09 ට වෙන් කොට තිබේ.
1 වඳ වී ගිය Extinct (EX)
විශේෂයකට අයත් අවසාන ජීවියත් මිය ගොස් ඇති අතර අදාළ විශේෂයේ නව පරපුරක් බිහි කිරීම සඳහා කිසිඳු සත්ත්වයෙක් වාර්තා නොවෙන බවට පැහැදිලි සාක්ෂ්‍ය සහිත සත්ත්ව හා ශාක විශේෂ මෙම වර්ගීකරණයට ඇතුලත් කෙරේ. අදාළ සත්ත්ව ගහනයේ පෙර වාර්තා අනුව ශ්‍රිතු ගත චර්යා රටාවන් , ආවේනික භුමි ප්‍රදේශ ඇතුලත දක්නට නොලැබුණු මෙන්ම කිසිඳු ආකාරයේ වාර්තාගත වීමක් දක්නට නොලැබුණු සත්ත්ව හා ශාක කහඳ මීට එක්වේ. වර්ගීකරණයට ඇතුලත් කිරීම සඳහා අදාළ වර්ගීකරණ විශේෂයේ ජීවන චක්‍රය හා ජීවන රටා ආශ්රිත වූ කාල රාමුවක් භාවිත කරනු ලැබේ. බලපාන හේතු
උදා-:
2 පරම්පරාගත ගහනයෙන් තොර වූ - වනයේ පරිසරයෙන් නෂ්ට වූ - Extinction in Wild (EW)
පෙර වාර්තා වූ පරම්පරා ගත ගහනයන් හා සංසන්දනය කරන විට අතිශය පසුබැස්මක් වාර්තාවන විශේෂ මීට අයත් වේ. මෙවෙනි විශේෂ වල වාර්තා වීමක් දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර එයද පැවති වාර්තාගත වීම් වලට සාපේක්ෂව අවම අගයක් ගනී. ඇතැම් විට එය එක් ජීවියෙක් පමණක් වීමට ඉඩ ඇත. වර්ගීකරණයට ඇතුලත් කිරීමේදී අදාළ විශේෂයේ චර්යා රටා ඇතුලත් කාල රාමුවක් තුල නිරීක්ෂණයන් කිරීම කල යුතුය. උදා-:
ගලපගොස් දුපතේදී හඳුනා ගන්නා ලද අවසාන සත්ත්වයා 2012 දී මිය ගිය අතර Lonesome Gorge යනුවෙන් හැදින්විය. එම සත්වයා ලොව පුරා මහත් ජනප්‍රියත්වයට පත් වූ සත්වයෙක් ලෙස හදුන්වා දිය හැකිය.
3. වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ - අතිශය අන්තරායට ලක් වූ - Critically Endanger (CE)
වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ ජීවී විශේෂ මෙමෙ වර්ගීකරණයට එතුලත් කෙරේ. වර්තමානයේ සත්ව විශේෂ 2139ක් හා ශාක විශේෂ 1831ක් මෙයට එතුලත් කර ඇත. ඒ සඳහා ඒ සිට ඊ දක්වා නිර්ණායක ඉදිරිපත් කොට ඇති අතර ඉන් කවර හූ කොටසකට අයත් වන ශාක සත්ව විශේෂ මෙයට එක කෙරේ. A .100KM2 ප්‍රදේශයකට වඩා අඩු කොටසක දක්නට ලැබෙන
B.ඉහත 1-3 ඇතුලත්ව 10KM2 අඩු ප්‍රදේශයක දක්නට ලැබෙන C.ගහනය පරිනත ජීවීන් 250 ට අඩු හෝ
D.50කට අඩු පරිනත සත්ව උග්‍ර තර්ජනයට ගහනයක් සහිත E.වඳ වී යාමේ සම්භාවිතාවය 50% දක්වා වර්දනය වුවක් බව දක්නට ලබන 2008-10 වාර්තා වලට අනුව රටවල් 17 ජීවී හා ශාක විශේෂ 15ක් වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක්වූ (CR) ඛණ්ඩයට ඇතුලත් කරණ ලදී.
මෙම ගහනය පොදුවේ දක්වන ලද අතර ඉතිරි විශේෂ මැඩගස්කරය වියට්නාමය ඉන්දුනීසියාව යන රට වලින් වාර්තා විය.
4. වඳ වී යාමේ ඉහල අවදානමක් ඇති Endangered (EN)
වඳ වී යාමේ තර්ජනයට ලක්වී නොමැති නමුත් මුහුණ පෑමේ ඉහල අවදානමක් සහිත විශේෂ මෙයට අයත්ය.
5. අනතුරට ලක්විය හැකි (Vulnerable Species) CE හෝ EN වර්ගීකරණයට අයත් නොවන නමුත් නුදුරු අනාගතයේ දීම වඳ වී යාමේ අනතුරට ලක් විය හැකි සත්ව ඛණ්ඩ මෙයට ඇතුලත් කෙරේ. ඒ සඳහා පහත නිර්ණායක අදාළ වේ .
හදුනාගන්නලද , ගණනය කරණ ලද හෝ අනුමාන කරණ ලද අඩු වීමක් වසර 10ක් හෝ පරම්පරා 3ක් තුල අවම වශයෙන් 20%ක් ලෙස දක්නට ලැබෙන
6. අවදානම හමුවේ ඇති Near Threatened(NT)
CR, EN, VU, යන කාණ්ඩ වලට අයත් නොවන නමුත් නුදුරු අනාගතයේදී එම කාණ්ඩ වලට ඇතුලත් වීමේ අවධානමක් ඇති ජීව විශේෂ මෙම කාණ්ඩයට අයත් වේ.
7. අවම අවදානමේ පවතින Least Concern (LC)
CR, EN, VU, NT යන කාණ්ඩ වලට අයත් නොවන ජීව විශේෂ මෙම කාණ්ඩයට ඇතුලත් වේ. පුළුල්ව ව්‍යාප්ත වූ බහුල තක්සෝන මෙම කාණ්ඩයට අයත් වේ.
8.දත්ත ඌනතා සහිත Data Deficient (DD)
තක්සොනයක් මෙම කාණ්ඩයට අයත් වන්නේ එහි ව්‍යාප්තිය හෝ ගහණයේ තත්ත්වය පිලිබඳව ප්‍රමාණවත් දත්ත නොමැති වීම නිසාය.
9. වර්ගීකරණයට ලක් නොවූ Not Evaluated (NE)
තක්සොනයක් මෙම කාණ්ඩයට අයත් වන්නේ තර්ජනයට ලක් වූ විශේෂ පිලිබඳව ඇති නිර්ණායකයන්ට අනුව තක්සේරු කර කාණ්ඩ ගත කර නොමැති විටදීය.
ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් වැඩිම ප්‍රමාණයක් අයත් වන Cypriniforms කුලයේ මසුන් වැඩි ප්‍රමාණයක් රතු දත්ත පොතට ඇතුලත්ය. සීමිත් ව්‍යාප්තිය ඊට බෙහෙවින් බලපෑ තිබේ.[1]
මත්සයන් -
උරගයන්
ක්ශීරපායින්
පක්ෂීන්
වඳ වීයාමට ලක් වන හා ලක්වූ ජීවීන් ලැයිස්තු ගත කිරීමේ රතු දත්ත සමුදාය , ජෛව විවිධත්ව ආරක්ෂා කිරීම සඳහා ලෝකයේ අවදානය දිනාගන්නට සමත් වූ වැදගත් පියවරකි. මේ තුලින් ලෝකයේ පරිසර සංවිධාන හා පරිසරවේදීන් අතර මනා සබන්දියාවක් ඇති වූ අතර අදටත් රතු දත්ත පොතේ වාර්ෂික ප්‍රකාශන පිළිබඳව ලෝකයේම අවදානය යොමු වේ. වර්ගීකරණයන්ට අදාළ ජීවීන් සහිත පරිසර කොටස් වෙත විශේෂ අවදානය යොමු කරමින් ඔවුන් රැක ගැනීමට පියවර ගැනීම සඳහා රාජ්‍ය පාලකයන්ගේද උනන්දුවක් දක්නට ලැබේ. කෙසේ වුවත් ප්‍රමාණවත් දත්ත නිසි පරිදි ලබා ගැනීමේ අපහසුව , ක්‍රියාකාරී සාමාජික හිගයන්, ඇතැම් රට වල පවතින නීති ක්‍රියාදාමයන් ද රතු දත්ත පොතේ ඉදිරි ක්‍රියාවලින්ට බාධා ඇති කරණ බව සැලකිය යුතුවේ. එසේම සත්ත්ව හා ශාක විශේෂ ඇති විශාල ගණනක් ලෝකයේ වාසය කරති. ඇතම් ජීවීන් හඳුනා ගැනීමට ලක් කිරීමක් කර නොමෙති අවස්ථාද පවතී. එසේ තිබියෙදී ඔවුන් අද්‍යනය විශ්ලේෂණය හා ලැයිස්තුගත කිරීම එක්තරා අයුරක ප්‍රායෝගික බාධාඇති කරන්නක් බවටද පත්ව තිබේ. එහෙත් වර්තමානයේ ලොව පවතින පිළිගන්නා ලද එකම වර්ගීකරණය හා විශ්ලේෂණය වශයෙන් “රතු දත්ත පොත ” පිළිගැනීමකට ලක්ව තිබේ.
රතු දත්ත පොතේ වර්ගීකරණයනට මැදි වන විට මීට දශක ගණනාවකට පෙර පෙවති සොබා දහම පිළිබදව ද මතකය දිවයයි. “අප පෘතුවියේ කොටසක් වන අතර පෘතුවිය අපේම කොටසකි. සුවදැති මල් වර්ග අපේ සහොදරියෝ වෙති. මුවා, අශ්වයා, රාජාලියා, යන මොවුහු අපේ සහෝදරයෝ වෙති. ගිරි මුදුන් මෙන්ම ත්ස්න්ස් බිම් තුලින් රූරා බසින ද්‍රව දහරාවන් ද අශ්වයාගේ හා මිනිසාගේ ගතේ උණුසුමද යන මේ සියල්ල අයත් වන්නේ එකම පවුලේ සාමාජිකයන්ටය. ” - සියැටල්
එදා පැවති ආකල්ප අදටත් පැවතුනි නම් , රතු දත්ත පොතක් බිහි නොවනු ඇති. කෙසේ වුවද රතු දත්ත පොතෙන් යොමුවන අවධානය හමුවේ නැවතත් එවන් සොබා දහමක් බිහි කරන්නට යත්න දැරීමට ලෝකය එකතු වෙමින් සිටි. රතු දත්ත පොතේ අනාගතය , හෙට දවසේ සත්ව ශාක ලෝකයේ ඉරණම සනිටුහන් කරනු ඇති.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.