![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6e/Rakhi_2.jpg/640px-Rakhi_2.jpg&w=640&q=50)
රක්ෂා බන්ධන
From Wikipedia, the free encyclopedia
රක්ෂා බන්ධන, (ආරක්ෂා බැඳීම) හෝ රක්ෂී යනු, ප්‍රාථමික වශයෙන් ඉන්දියාව, මුරුසිය සහ නේපාලය(මදේශීවරුන් පමණි) යන රටවල විසින් පිළිපදනු ලැබෙන, හින්දු උත්සවයක් වන අතර, එහිදී සැමරෙන්නේ සෙහොයුරන්, ඥාති සොහොයුරන් සහ සොහොයුරියන් අතර සම්බන්ධතාවයයි. ඉන්දියාවේ බොහෝ තැන්හී එය රක්ෂී පූර්නිමා ලෙසින්ද හැඳින්වෙයි. [1][2] පකිස්තානයේ සමහර කොටස්වලදීද එය සැමරෙයි.[3] මෙම උත්සවය පවත්වනු ලබන්නේ හින්දුවරු, ජෛනවරු සහ සමහරක් ෂීක්වරු විසිනි.
(රක්ෂා බන්ධන) | |
---|---|
![]() රක්ෂි නිදසුන්. | |
Official name | රක්ෂා බන්ධන |
Also called | රක්ෂි |
Observed by | හින්දුවරු, ජෛනවරු, ෂීක්වරු |
Date | ෂ්රවන මාසයෙහි පූර්නිමා දිනය (පුර පසලොස්වක) |
Related to | සිබියා ඥාති සොහොයුරා |
මෙම උත්සවයේ ප්‍රධාන අංගය වනුයේ ආරක්ෂාව ලබා ගැනීම වස් සොහොයුරියක විසින් රාකි නමින් හඳුන්වන ශුද්ධ වූ නූල් පටක් සොහොයුරකුගේ අතෙහි ගැට ගැසීමකි. මීට ප්‍රතිචාර වශයෙන් සොහොයුරා විසින් සොහොයුරියට ත්‍යාගයක් දී ඇගේ ආරක්ෂාව සලසන බවට කැප වෙයි. සොයුරු සොයුරියන් විසින් ඔවුනොවුන්ට රස කැවිලි කැවිමද මේ උත්සවයේ විශේෂ ලක්ෂණයකි. මෙම ආරක්ෂාව සැලසීම හුදෙක් එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර පමණක්ම සිදුවිම අවශ්‍ය නොවේ . මේ සඳහා මස්සිනා, නෑනාවරු හෝ මිතුරු මිතුරියන් ඉදිරිපත් විමද සිදුවේ. මිනෝර්හි රාණි, කරුණාවති යන ස්ත්‍රියක් ඇයට බන්දුර් ෂා නැමැත්තෙකුගෙන් තර්ජන එල්ල වූ අවස්ථාවක සිය ආරක්ෂාව පිණිස නූල් පටක් මෝගල් අධිරාජ්‍යයකු වූ හුමායන් වෙත යැව් බව සඳහන් වේ. මෙහිදි හුමායන් ඔහු නිරතව සිටි යුධ මෙහෙයුම නවතා ඇගේ ආරක්ෂාව සඳහා ආ බවත් සඳහන් වේ.
මෙම රාකි චාරිත්‍රය අනෙකුත් අවස්ථාවලදී ද භක්තීත්වය ප්‍රකාශ කිරිම සඳහා යොදා ගැනේ. (පවුලෙන් පිටස්තර අය සමඟ වුවද චාරිත්‍රය සිදුකල බව සඳහන් ව ඇත).