From Wikipedia, the free encyclopedia
යොෂිහිකෝ නෝඩා මහතා ජපන් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සාමාජිකයෙකු වන අතර එරට ව්‍යවස්ථාදායකය වන ඩයට් සභාවේ, පහල මන්ත්‍රී මණ්ඩලයෙහි සාමාජිකයෙකි. හිටපු අගමැති නඔටෝ කාන් මහතා ඉල්ලා අස් වීමෙන් පසු නව අගමැතිවරයා ලෙස නෝඩා මහතා පත් වීමට නියමිත ය.
The Right Honourable | |
---|---|
Prime Minister of Japan Designate | |
පදවි ප්‍රාප්තිය 2 September 2011 | |
Monarch | Akihito |
අනුප්‍රාප්තික | Naoto Kan |
Minister of Finance | |
තනතුරුධාරී | |
තනතුර දරමින් 8 June 2010 | |
අග්‍රාමාත්‍යවරයා | Naoto Kan |
පූර්වප්‍රාප්තිකයා | Naoto Kan |
අනුප්‍රාප්තිකයා | TBD |
Senior Vice Minister of Finance | |
තනතුර දරමින් 2009 – 8 June 2010 | |
අග්‍රාමාත්‍යවරයා | Yukio Hatoyama |
පූර්වප්‍රාප්තිකයා | Wataru Takeshita Masatoshi Ishida |
අනුප්‍රාප්තිකයා | Motohisa Ikeda Naoki Minezaki |
පුද්ගලික තොරතුරු | |
උපත | 20 මැයි 1957 Funabashi, Japan |
දේශපාලන පක්ෂය | Democratic Party (1998–present) |
වෙනත් දේශපාලන සබැඳියා | Japan New Party (1992–1994) |
උගත් ශාස්ත්‍රාලය | Waseda University |
වෙබ් අඩවිය | Official website |
1957 මැයි 20 වනදා, චිබා ප්‍රාන්තයේ ෆුනබාෂි නගරයේ දී ජන්ම ලාභය ලද යොෂිහිකෝ නෝඩා සාමාන්‍ය ගොවි පවුලකින් පැවතෙන්නෙකි. ඔහුගේ පියා ජපන් ආරක්ෂක හමුදාවේ සාමාජිකයෙක් විය. වසේදා සරසවියෙන් 1980 දී දේශපාලන විද්‍යාව පිලිබඳ උපාධිය ලබාගත් ඔහු ඉනික්බිති මට්සුෂිටා පරිපාලන සහ කළමනාකරණ ආයතනයේ සේවයට බැඳුණි. 1987 දී නෝඩා චිබා ප්‍රාන්ත සභාවට තේරී පත් විය.
1993 දී, නෝඩා මහතා පළමු වතාවට ඩයට් සභාවේ පහල මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වූයේ ය. ඒ දැනට අභාවයට පත්ව ඇති ජපන් නව පක්ෂය නියෝජනය කරමිනි. 1996 දී ඔහු පරාජයට පත් වූ අතර, 2000 වසරේදී යලි පහල මන්ත්‍රී මණ්ඩලයට පත් වූයේ ජපන් ප්රජාතන්ත්රවාදී පක්ෂයෙනි.
2009 අගෝස්තු 30 වනදා පැවති මහා මැතිවරණයෙන් ජපන් ප්රජාතන්ත්රවාදී පක්ෂය විශිෂ්ට ජයක් ලබා ගත අතර, සැප්තැම්බරයේදී, නෝඩා එරට මුදල් උප ඇමති බවට පත් විය. 2010 ජූනි මාසයේදී, එවකට මුදල් ඇමතිවරයා වූ නඔටෝ කාන් මහතා අගමැති ධූරයට පත් වූ පසු නෝඩා මහතා මුදල් ඇමති ධූරයට පත් කරන ලදී.
කාන් මහතා 2011 අගෝස්තුවේ අගමැති ධූරයෙන් ඉල්ලා අස් වූ පසු, ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරඟයෙන් නෝඩා මහතා ජය ලැබීය.[1] මේ අනුව ඔහු ඊළඟ අගමැතිවරයා ලෙස පත් වීමට නියමිතය.
මුදල් ඇමති ලෙස ජපන් ආර්ථිකය ශක්තිමත් කිරීමට වෙර දරන අතර නෝඩා මහතා ස්වදේශ කටයුතු පිලිබඳ සාමාන්‍යයෙන් නිහඬ ප්‍රතිපත්තියක් දැරීය. කෙසේ වුවද, විදෙස් කටයුතු පිලිබඳ ඔහුගේ ඇතැම් ප්‍රකාශයන් අසල්වැසි රටවල, වෙසෙසින්ම චීනයේ සහ දකුණු කොරියාවේ දෝෂ දර්ශනයට හේතු විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු යුධ අපරාධවලට දඬුවම් ලැබූ ජපන් ජාතිකයන්, යුධ අපරාධ පිලිබඳ වරදකරුවන් නොවන බව වරක් ඔහු විසින් ප්‍රකාශ කිරීම එයට මූලික විය. එසේම, චීනයේ ආරක්ෂක වියදම් පිලිබඳ නෝඩා මහතා විසින් එරට රජය දැඩි ලෙස විවේචනය කරන ලදී.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.