From Wikipedia, the free encyclopedia
යාපනය ශික්ෂා රෝහලේ සමූලඝාතනය යනු 1987 ඔක්තෝම්බර් 21 හා 22 යන දිනයන්හීදී ශ්‍රී ලංකාවේ යාපනය ශික්ෂණ රෝහල් භූමිය තුල, ඉන්දියානු සාම සාධක හමුදාව විසින් සිදුකල සමූලඝාතනයකි. රෝහලේ සිටි ශ්‍රී ලාංකික දමිළ ජාතික රෝගීන්, හෙදියන්, වෛද්‍යවරුන් ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩලයේ 70 දෙනෙක් පමණ මෙමගින් ඝාතනය කර දමනු ලැබිණි.[4] ත්‍රස්ථවාදී සංවිධානයක් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය,[7] ශ්‍රී ලංකා රජය,[1] මානව හිමිකම් සඳහා වූ විශ්වවිද්‍යාල ගුරුවරු වැනි ස්වාධීන නිරික්ෂකයින්[3] හා අනෙකුත් විවිධ සංවිධානද[2][5][6] මෙම සිදුවීම, සිවිල් වැසියන් ඉලක්ක කොට ගෙන සිදුකරන ලද සමූලඝාතනයක් ලෙස හඳුන්වන ලදී.
යාපනය ශික්ෂා රෝහලේ සමූලඝාතනය Jaffna hospital massacre | |
---|---|
ස්ථානය | යාපනය, ශ්‍රී ලංකාව |
දිනය | 1987 ඔක්තෝම්බර් 21-22 (+6 GMT) |
ඉලක්කය | ශ්‍රී ලාංකික දමිළ ජාතික රෝගීන්, හෙදියන්, වෛද්‍යවරුන් ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩලය[1][2] |
ප්‍රහාර මාදිලිය | වෙඩිතැබීම, අත් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම[2][3] |
ආයුධය(න්) | තුවක්කු, බෝම්බ |
මරණ | 60[4]–70[2] |
තුවාලකරුවන් | 50+ (est.) |
අපරාධකරුවෝ | එකල ශ්‍රී ලංකාවේ රඳවා සිටි ඉන්දියානු සාම සාධක හමුදාව[2][5][6] |
ඉන්දියාව |
ශ්‍රී ලංකාව |
---|
කෙසේ නමුදු මෙම හමුදා මෙහෙයුම භාරව සිටි නිළදාරියා වූ ලුතිනන් ජනරාල් දෙපින්දර් සිං (Depinder Singh) විසින් පවසා සිටියේ, මෙම සිවිල් වැසියන් ඝාතනයට ලක්වූවේ කොටි කැරළිකරුවන් හා ඉන්දියානු හමුදාව අතර සිදුවූ ප්‍රහාර වලට මැදිවීමෙන් බවයි.[8] එසේම මෙම ඝාතනයන්ට වගකිව යුතු හමුදා නිළදාරීන්ට එරෙහිව නඩු පැවරීමට, එකල ඉන්දියානු රජය පියවර නොගන්නා ලදී.[3]
1987 වර්ෂයේදී ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය විසින් ඇතිකරගත් ගිවිසුමක් ක්‍රියාත්මක කිරීම නිසා එරට ඉන්දියානු සාම සාධක හමුදාව (IPKF), දෙමළ කොටි ත්‍රස්ථවාදීන් නිරායුධ කිරීම සහ ගිවිසුම් කටයුතු නිරික්ෂණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. නමුත් දෙමළ කොටි සංවිධානය, ඉන්දියානු හමුදාව සමග ගැටුමක් නිර්මාණය කර ගනිමින්, ඔක්තෝම්බර් 8 වන දින ඉන්දියානු සාම සාධක හමුදාව වෙත මාරාන්තික ප්‍රහාරයක් කිරීම නිසා, අවසානයේදී ඔවුන්ද (සාම සාධක හමුදාව) කොටි ත්රස්තවාදීන් (LTTE) වෙතට ප්‍රහාර දියත් කිරීම අරඹන ලදී. ඒ අනූව 1987 ඔක්තෝම්බරයේදී ඉන්දියානු හමුදාව, එල්ටීටීඊ යට අයත්ව තුබූ යාපනය අර්ධද්වීපය තුල බලය තහවුරු කර ගැනීමට උත්සාහ දරණ ලදී.[3]
යාපනය ශික්ෂණ රෝහල/යාපනය මහ රෝහල එවක ගැටුම් අතරතුරදී පවා යාපනය අර්ධද්වීපය තුල ක්‍රියාත්මකව තිබූ, ජනතාවගේ ප්‍රධානතම සෞඛ්‍ය මධ්‍යස්ථානය විය. නමුත් එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය සහ ඉන්දියානු සාම සාධක හමුදාව අතර එම කාලයේ පැවැති සම්බන්ධතා ක්‍රමයෙන් දුර්වල වී යාම නිසා සහ ඉන්දියානු සාම සාධක හමුදාව යාපනය නගරයේ බලය අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වීමත් නිසා, ඉන්දියානු හමුදාවන් විසින් ක්‍රියාත්මක කල මෙහෙයුම් හේතුවෙන් හටගත් බිය හා සැක සංකා කරණකොට ගෙන රෝහලේ සමහරක් ක්රියාකාරීත්වයන්ට එම කාලය තුලදී යම් යම් බාධා එල්ල වූ බව පැවසෙයි.
ඒ අනූව 1987 ඔක්තෝම්බර් 21 වන දින (හින්දු දීපවාලි උත්සව දිනයේදී), ඇවිලී ගිය හමුදාමය ගැටුම් හේතුවෙන්, රෝහලේ මෘතශරීරාගාරය 70 කට වැඩි පිරිසකගේ මළ සිරුරු වලින් පිරී ගිය බව සඳහන්ය.[3]
සිදුවීම සම්බන්ධව ඉන්දියානු හමුදාව ප්‍රකාශ කලේ, කැරළිකරුවන් සහ හමුදා අතර ඇතිවූ ගැටුම් වලට රෝහලේ සිටි පිරිස් මැදිවූ බවයි.[9] හමුදා මෙහෙයුම භාරව සිටි නිළදාරියා වූ ලුතිනන් ජනරාල් දෙපින්දර් සිං විසින්ද මෙම ප්‍රකාශය නැවත නැවතත් තහවුරු කරන ලදී.[8] නමුත් එල්ටීටීඊ සංවිධානය (LTTE) සහ ශ්‍රී ලංකා රජයද, මෙය සිවිල් වැසියන් ඝාතනයට ලක්කල සමූලඝාතනයක් ලෙස හඳුන්වන ලදී. එසේම 2008 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් මෙම සිද්ධිය, මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරන ලද අපරාධයක් ලෙස නම් කරන ලදී.[1] බොහොමයක් ස්වාධීන නිරික්ෂකයින් සහ, දිවයිනේ හා භාහිර මානව හිමිකම් සංවිධානද,[6][2][5][10] මෙම සිදුවීම, සිවිල් වැසියන් ඉලක්ක කොට ගෙන සිදුකරන ලද සමූලඝාතනයක් ලෙස හඳුන්වන ලදී.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.