![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2e/Norton_Motorcycle.jpg/640px-Norton_Motorcycle.jpg&w=640&q=50)
යතුරුපැදිය
From Wikipedia, the free encyclopedia
යතුරු පැදිය (බයිසිකලය, මෝටර් බයිසිකලය, සයිකලය) රෝද දෙකක්[1][2] හෝ තුනක්[3][4] සහිත මෝටර් වාහනකි. දිගු දුර ගමන්, ක්රමික ගමන්, සැරිසැරීම්, යතුරු පැදි ධාවන තාරග ආදී ක්රීඩා, පාරෙන් පිට ධාවනය යන විවිධාකාර වූ අරමුණු වලට ගැලපෙන පරිදි යතුරු පැදිය නිර්මාණය කර ඇත. යතුරු පැදි ධාවනය, යතුරු පැදි සමාජයකට එක්වීම සහ යතුරු පැදි රැලි වලට සහභාගි වීම යතුරු පැදි සම්බන්ධ සමාජ ක්රියාකාරකම් වෙයි. 1894 දී හිල්ඩ්බ්රෑන්ඩ් සහ වොල්ෆ්මුලර් ලොව පළමු යතුරු පැදි නිශ්පාදන මාදිලිය බවට පත් වූ අතර එය පලමුවෙන්ම යතුරු පැදියක් බවට නම් කරන ලදි.වසර 2014 දී හොන්ඩා, යමහා (ජපානය) සහ හීරෝ මොටෝකෝර්ප්(ඉන්දියාව)[5] ලොව ප්රමුඛ යතුරු පැදි නිශ්පාදකයන් බවට පත්විය.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2e/Norton_Motorcycle.jpg/640px-Norton_Motorcycle.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/79/Lambretta_125_D_1952_a.jpg/640px-Lambretta_125_D_1952_a.jpg)
යතුරුපැදි දියුණු වන ලෝකයෙහි සුඛෝපභෝගී භාණ්ඩයකි. යතුරුපැදි වැඩි වශයෙන් භාවිත වන්නේ විනෝදය සඳහා සහ ජීවන රටාවෙහි අංගයක් ලෙස හෝ තම පෞද්ගලික අනන්යතාවයෙහි සංඛේතයක් ලෙසයි.දියුණු වෙමින් පවතින රටවල් වල යතුරුපැදි භාවිතය ඉතාම බහුල වීමට බලපාන කරුණු අතර මිලෙන් අඩුවීම සහ ඉන්ධන අරපිරිමැස්ම ප්රධාන වේ.ලෝකය පුරා භාවිතවන මුළු යතුරුපැදි ප්රමාණයෙන් 58%ක් ජපානය හැර අනෙකුත් ආසියා ශන්තිකර කලාපය,දකුණු සහ නැගෙනහිර ආසියාතික රටවල් වල භාවිතවේ.
ඇමරිකානු ගමනාගමන දෙපර්තමේන්තුව පවසන අන්දමට සැතපුමකදී යතුරුපැදි නිසා සිදුවන මාරක අනතුරු ප්රමාණය මෝටර් රථ නිසා සිදුවන මාරක අනතුරු මෙන් 37 ගුණයක් බවයි. [6]