From Wikipedia, the free encyclopedia
මෝල්ටාව යනු, සිසිලියට 80 කිමී (50 සැත) දකුණින්ද, ටියුනීසියාවට 284 කිමී (176 සැත) නැගෙනහිරින්ද සහ, ලිබියාවට 333 කිමී (207 සැත) උතුරින්ද, මධ්‍යධරණි මුහුදේ පිහිටි දකුණු යුරෝපියානු රටකි. යම්තම් 316 වර්ග කිලෝ මීටර (122 වර්ග සැතපුම්) භූමි ප්‍රමාණයක් ආවරණය කිරීම නිසා, ලොව කුඩාතම[4][5][6] රටවල් අතුරින් එකක් සහ වඩාත් ජනගහණ ඝණත්වය සහිත රටවල් අතුරින් එකක් බවට මෝල්ටාව පත්කරයි. මෝල්ටාවේ අගනුවර වැලෙටා වෙයි. නිල භාෂා දෙකක් එය සතු වෙයි: මෝල්ටීසියානු සහ ඉංග්‍රීසි.
ඉතිහාසය පුරාම මොල්ටාව පිහිටා තිබෙන ස්ථානය ප්‍රබල යුද්ධෝපායන් ක්‍රියාත්මක කිරීමෙහි ලා ඉතා වැදගත් ඉඩ ප්‍රස්තා සලසා දී තිබුණත්, ෆනීෂියන්වරු, ග්‍රීකයන්, රෝමන්වරු, ෆැටිමිඩ්ස් (Fatimids), සිසිලියන්වරු , ශාන්ත ජෝන් නයිට්වරු, ප්‍රංශ හා බ්‍රිතාන්‍ය යන ජාතීන්ට මෙම දූපත් පාලනය කිරීමේ බලය අනුපිළිවෙලින් ලබා දී තිබිණි. මොල්ටාව, වසර 1964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස ලබාගත් අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙහි තවදුරටත් රැදී සිටීමේ නිදහස තබාගනිමින්, 1974 දී ජනරජයක් බවට පත්විය. 1964 සිට මොල්ටාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටකි. යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගත්තේ වර්ෂ 2004 දීය. මෙම රාජ්‍යය 2007 සිට ෂෙනගන් (Schengen) ගිවිසුමහි පාර්ශවකරුවෙකුද, 2008 සිට යුරෝසෝන්හි (eurozone) සාමාජිකයකු ද වන්නේ ය. මල්ටා රාජ්‍යයට දීර්ඝ කාලින ක්‍රිස්තියානි උරුමයක් තිබේ. එය, පුරෝගාමී ක්‍රිස්තියානු ධර්මදූතයින්ගේ නිල පෙදෙසක් ද වන්නේ ය. 'අපෝස්තල්' (Apostle) පනතට අනුව පෝල් ශාන්තුවරයාගේ යාත්‍රාව 'මෙලිටේ' (melite) හිදි මුහුදුබත් විය. ඉන්පසු මෙම සාන්තුවරයා පූජකවරයකු ලෙස 'මෙලිටේ' හි විසීය. බයිබලය උගතුන් බොහෝ දෙනෙකු 'මෙලිටේ' යනුවෙන් දක්වන්නේ මල්ටාව බවට හඳුනා ගනිති. කතෝලික ධර්මය, මොල්ටාවේ නිල ආගම ලෙස නොකඩවා පවතින අතර, එය එරටෙහි ප්රමුඛ ආගම ද වන්නේ ය. මොල්ටාව ප්‍රචලිත වන්නේ එහි දක්නා ලැබෙන ලෝක උරුමයන් හේතු කොටගෙනය. මේවා අතරින් කැපී පෙනන වැදගත් ස්ථානය වන්නේ යුරෝපයේ දක්නට ලැබෙන ඉතා පෞරාණික කිසිදු කලා ශිල්පයක් හා නොඈදුනු තනිව තිබෙන්නා වූ නිර්මාණයක් වන මොල්ටාවේ ශිලාමය සිද්ධස්ථානයන් ය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.