මෛත්‍රෙය-නාථ
From Wikipedia, the free encyclopedia
මෛත්‍රෙය-නාථ (ක්‍රි.ව. 270-350) යනුවෙන් හැඳින්වෙන්නේ එරිච් ෆ්රෝවොල්නර්, ගිසෙප් ටකී, සහ හකුජු උයි යන බෞද්ධ විද්වතුන් විසින් යෝගාචර බෞද්ධ දාර්ශනික ගුරුකුලය ඇරඹීමට මූලික වූයේ යැයි සලකනු ලබන ආදිකර්තෲන් තිදෙනාගෙන් අයෙකි. අනෙක් දෙදෙනා වන්නේ අසංග සහ වසුබන්ධු ය.[1] ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ මෛත්‍රෙය නම් මෙම පුද්ගලයා ඉන්දියාවේ ඓතිහාසික පුද්ගලයකු බවයි. එම සම්ප්රදායයන් තුළ අනාගත බුදුන් වන මෛත්‍රෙය හා සම්බන්ධ යැයි විශ්වාසයක් පවතියි.