මිහිකත රූ රැජිණ
From Wikipedia, the free encyclopedia
මිහිකත රූ රැජිණ යනු පාරිසරික දැනුවත්භාවය ඇතිකිරීම අරමුණු කර ගනිමින්[1][2] වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. විශ්ව රූ රැජිණ, ජාත්‍යන්තර රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරඟ හැරුණු විට, ලෝකයේ පවත්වන අනෙක් දැවැන්තම රූ රැජිණ තරඟය වන්නේ මිහිකත රූ රැජිණ තරඟයයි.[3][4][5]
Quick Facts ආදර්ශ පාඨය, සංස්ථාපනය ...
![]() මිහිකත රූ රැජිණ ලාංඡනය. | |
ආදර්ශ පාඨය | අභිප්රායක් වෙනුවෙන් සුන්දරත්වය (Beauties for a Cause) |
---|---|
සංස්ථාපනය | 2001 |
වර්ගය | රූ රැජිණ තරඟයකි. |
මූලස්ථානය | මැනිලා, ![]() |
නිල භාෂා | ඉංග්‍රීසි |
President | Ramon Monzon |
Key people | Lorraine Schuck |
වෙබ් අඩවිය | Official website |
Close
මිහිකත රූ රැජිණ ධූරය හිමි කර ගන්නා යුවතිය වසරක කාලයක්, පාරිසරික සහ අනෙකුත් ගෝලීය කරුණු කෙරේ අවධානය යොමු කරමින් විවිධ ව්‍යාපෘති සඳහා දායක විය යුතු වෙයි.[6][7]
මිස් එර්ත් පදනමේ සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) කථානායක ධූරය හිමිවන්නේද එම වසරේ මිහිකත රූ රැජිණ හටයි.[8]
ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද මිහිකත රූ රැජිණ තරඟය නම් දරයි.[9]