මැලේසියා එයාර්ලයින්ස් 17 පියාසැරිය
From Wikipedia, the free encyclopedia
මැලේසියා එයාර්ලයින්ස් පියාසැරි 17 (MH17/MAS17)[lower-alpha 1] යනු මැලේසියා ගුවන් සේවයට අයත් අන්තර්ජාතික මගී ප්‍රවාහන ගුවන් යානාවක් වූ අතර, එය 2014 ජූලි 17 වන දින ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපළෙහි සිට ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා පියාසර කරමින් සිටියදී, භූමියේ සිට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකට (බක් මිසයිල) ගොදුරු වීම නිසා යුක්රේනයට අයත් ප්‍රදේශයකදී විනාශයට පත්විය.[4] ගුවන්යානයේ ඒ අවස්ථාවේ ගමන් ගනිමින් සිටි 283 ක් වූ සියළුම මගී සංඛ්‍යාව සහ කාර්ය මණ්ඩලයේ සිටි 15 දෙනෙකු මෙම ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත්විය.[5][6] යුක්රේන–රුසියානු දේශසීමාවේ සිට කිලෝ මීටර 50 ක් පමණ දුරින් පිහිටි යුක්රේනයට අයත් Donetsk Oblastහී Hrabove වලට නුදුරු ප්‍රදේශයේදී මෙම බෝයිං 777-200ER මගී ගුවන් යානයේ සියළුම සංනිවේදන සම්බන්ධතා ඇණහිට තිබෙන අතර ගුවන්යානය යුක්රේන–රුසියානු දේශසීමාවේ සිට කිලෝ මීටර 40 ක් පමණ දුරින් පිහිටි Torez ප්‍රදේශයට කඩා වැටී තුබුණි.[7] ගුවන් යානය කඩා වැටුණු ප්‍රදේශය වර්ථමානයේ කැරැල්ලක් ක්‍රියාත්මක ඩොන්බාස් නම් ජනතා හමුදාවක් (Donbass People's Militia) යටතේ පාලනය වන ගැටුම් බහුල ප්රදේශයකි.
ප්‍රහාරයකින් බිම හෙළූ ගුවන් යානය පිළිබඳව | |
---|---|
දිනය | 17 ජූලි 2014 (2014-07-17) |
කෙටි විස්තරය | 2014 ජූලි 17 වන දින ගුවනේදී එල්ල වූ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් ගුවන් යානය කඩා වැටුණි. (පරික්ෂණ සිදුවෙයි)[1][2] |
ස්ථානය | Hrabove ආසන්නව, Donetsk Oblast, යුක්රේනය 48°8′17″N 38°38′20″E |
මගීන් ප්‍රමාණය | 283 |
කාර්ය මණ්ඩලය | 15 |
මරණ ප්‍රමාණය | 298 (සියළු දෙනාම) |
දිවි බේරාගත් ප්‍රමාණය | 0 |
ගුවන්යානා වර්ගය | බෝයිං 777-2H6ER |
ක්‍රියාකරු | මැලේසියා එයාර්ලයින්ස් |
ලියාපදිංචිය | 9M-MRD |
පටන් ගැන්ම | Amsterdam Airport Schiphol |
ගමනාන්තය | ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ |