මහේල ජයවර්ධන
From Wikipedia, the free encyclopedia
දෙනගමගේ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන (ඉංග්‍රීසි Denagamage Praboth Mahela de Silva Jayawardene උපත: 1977 මැයි මස 27 වැනිදා) නොහොත් මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයයෙකි.ඔහු විශේෂඥ දකුණත් පිතිකරුවෙකි. මහේල ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිද වෙයි.[1]
පුද්ගලික තොරතුරු | ||||
---|---|---|---|---|
සම්පූර්ණ නම | දෙනගමගේ ප්‍රබොත් මහේල ද සිල්වා ජයවර්ධන | |||
උපත | 27 මැයි 1977 (1977-05-27) (වයස 47) කොළඹ ශ්‍රී ලංකාව | |||
අපනාමය | මයියා | |||
උස | 5 අඩි 8 අඟල් (1.73 m) | |||
පන්දුවට පහර දීමේ ශෛලිය | දකුණත් පිතිකරු | |||
පක්දු යැවීමේ ශෛලිය | දකුණත් මද වේග පන්දු | |||
භූමිකාව | පිතිකරු | |||
ජාත්‍යන්තර තොරතුරු | ||||
ජාතික කණ්ඩායම | ශ්‍රී ලංකාව | |||
ටෙස්ට් මංගලාවතරණය (වරම 69) | අගෝස්තු 2 1997 සඳහා ඉන්දියාවට එරෙහිවට එරෙහිව | |||
අවසාන ටෙස්ට් තරගය | අගෝස්තු 18 2014 සඳහා පකිස්ථානයට එරෙහිවට එරෙහිව | |||
එදිජා මංගලවාතරණය (cap 92) | ජනවාරි 24 1998 v සිම්බාබ්වේ එරෙහිව | |||
අවසාන එදිජා තරගය | ජූලි 12 2014 v දකුණු අප්‍රිකාවට එරෙහිව | |||
එදිජා කමිස අංකය. | 27 | |||
Domestic team information | ||||
වසර | කණ්ඩායම | |||
1995 සිට මේ දක්වා | සිංහල ක්‍රීඩා සමාජය | |||
2007 සිට මේ දක්වා | වයඹ 11 | |||
2008 | ඩර්බිශයර් ක්‍රිකට් සමාජය | |||
2008 සිට 2011 දක්වා | කිංග්ස් XI පන්ජාබ් | |||
2011 | කෝචි ටස්කර්ස් කේරල | |||
වෘත්තීමය සංඛ්‍යායන | ||||
තරගාවලිය | ටෙස්ට් ක්‍රිකට් තරඟ | එක්දින ජාත්‍යන්තර තරඟ | පළමු පෙළ ක්‍රිකට් තරඟ | A ලැයිස්තුවේ තරඟ |
තරග | 149 | 420 | 237 | 511 |
රැස්කළ ලකුණු | 11,814 | 11,681 | 17,838 | 14,206 |
පිතිකරණයේ සාමාන්‍යය | 49.84 | 32.90 | 49.68 | 33.19 |
100ඒවා/50ඒවා | 34/50 | 16/72 | 51/80 | 17/89 |
වැඩිම පකුණු සංඛ්‍යාව | 374 | 144 | 374 | 163* |
පන්දු යැවීම් | 589 | 582 | 3001 | 1,269 |
කඩුලු | 6 | 7 | 52 | 23 |
පන්දු වැවීමේ සාමාන්‍යය | 51.66 | 79.71 | 31.32 | 49.60 |
ඉනිමකදී කඩුලු 5 | 0 | 0 | 1 | 0 |
තරගයකදී කඩුලු 10 | 0 | 0 | 0 | 0 |
හොඳම පන්දු යැවීම | 2/32 | 2/56 | 5/72 | 3/25 |
පන්දු ඇල්ලීම්/විකට්ටුව බිඳීම් | 205/– | 204/– | 305/– | 249/– |
මූලාශ්‍රය: CricketArchive, 19 අගෝස්තු 2014 |
ජයවර්ධන 1997 දී ටෙස්ට් හා එක්දින වරම් ලැබුවේය.2006 දී ඔහු ටෙස්ට් තරග ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කල වැඩි ම ලකුණු සංඛ්‍යාව වන 374 දකුණු අප්‍රිකාවට එරෙහිව මව්බිමෙදී ලබා ගන්නා ලදී. ඔහුට 50ට ඉතාමත් ආසන්න ටෙස්ට් සාමාන්‍යයක් (49.84) හා 30ට වැඩි (32.90) එක්දින සාමාන්‍යයක් ඇත. ටෙස්ට් ලකුණු 10,000 හා 11,000 සීමාව පසු කල පලමු ශ්‍රී ලාංකිකයා ද ඔහු වේ.ඔහුගේ අඩු ලකුණු සාමාන්‍යය නොසලකා හැරියොත් ඔහුගේ ම කණ්ඩායම් සගයෙකු වන කුමාර් සංගාක්කාර සමග මැතකදී ශ්‍රී ලාංකාවෙන් බිහි වූ හොදම පිතිකරුවෙකු වේ.ඔහු එක් දින ජාත්‍යන්තර තරඟ වලදී කුමාර් සංගක්කාර හා සනත් ජයසූරිය හැරුණු විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 10,000 ක් ලබා ගත් තෙවැනි පිතිකරු වේ.
2006 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් වසරේ හොඳම නායකයා ලෙස ඔහුව නම් කරන ලදී. එමෙන්ම 2007 දී වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් වසරේ හොඳම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද ඔහුව නම් කරන ලදී. ඔහු යාර 30 රේඛාව තුල සිටින හොඳ පන්දු රකින්නෙක් බව 2005 දී Cricinfo.com වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන් වේ. එහි සඳහන් වන පරිදි 1999 ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසුව එක්දින තරඟ වලදී වැඩිම දුවද්දී දවා ගැනීම් ලබාගත් පන්දු රකින්නා වේ.ලකුණු පුවරුවේ සදහන් c. Jayawardene b. Muralitharan යන්න ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුලභම පන්දු යවන්නෙක් සහ පන්දු රකින්නෙක් අතර ඇති සම්බන්ධතාවය බව වර්තාවලින් සනාත වේ.
2009 මාර්තු මස සිට අප්‍රේල් මස දක්වා පාකිස්තානය සමග පැවැත්වුණු ටෙස්ට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයවර්ධන විසින් මෙහෙයවන ලදී. ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතී ටෙස්ට් තරඟාවලිය නිම වීමෙන් පසුව මෙම තරඟාවලිය පවත්වන ලදී. තරඟාවලියේ පළමුවන තරඟය ජය පරාජයකින් තොරව අවසාන විය. ජයවර්ධන එහිදී ද්විත්ව ශතකයක් වාර්තා කලද දෙවන ටෙස්ට් තරඟයෙන් පසුව ඔහු සිටියේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමටය. දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන විට තිලාන් සමරවීරගේ ද්විත්ව ශතකය හා තිලකරත්න දිල්ෂාන්ගේ ශතකයත් සමග ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ස්ථානයක සිටියේය. තරඟයේ තෙවැනි දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රැගෙන ගඩාෆි ක්‍රීඩාංගනයට ගමන කරමින් තිබූ බස් රථයට වෙස් මුහුණු දමාගත් තුවක්කුකරුවන් 12 දෙනෙකු විසින් වෙඩිතබන ලදී. එයින් ජයවර්ධන ඇතුළු තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හය දෙනෙකුට තුවාල විය. බස් රථය ආරක්ෂා කල පොලිස් නිලධාරීන් හය දෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු එයින් මියගියහ.ඔහු ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කෝචි ටස්කර්ස් කේරල කණ්ඩායමේ නායකත්වය දරයි.2011 ලෝක කුසලානය පරාජයෙන් පසු උප නායකත්වයෙන් ද ඉල්ලා අස් වූ අතර නැවතත් දැඩි කතාබහට ලක් වු ටි.එම්. ඩිල්ෂාන් ගේ නායකත්වය නිමා වු පසු නායකයා ලෙස පත් කරන ලදී.ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කෝචි ටස්කර්ස් කේරල පිලේ නායකත්වය දැරිය. වර්තමානයේ ඔහු දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ උප නායකත්වය දරයි.