![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2b/Zaca3.jpg/640px-Zaca3.jpg&w=640&q=50)
මහා ගින්න
From Wikipedia, the free encyclopedia
මහා ගින්නක් යනු, මිනිස් ජීවිත, සත්ත්ව ජීවිත, සෞඛ්‍යය සහ/හෝ දේපළ යන්නට [1] තර්ජනයක් එල්ල කරන විනාශකාරී ගින්නකි. එය ගිනි ජාලාවක් ලෙසින් හෝ සරල වශයෙන් විශාල ගින්නක් ලෙසින් විස්තර කල හැක. මහා ගින්නක් අහම්බෙන් ඇරඹුනු, ස්වභාවික වශයෙන් හට ගත් (ලැව්ගින්න), හෝ හිතාමතාම නිපැයුනු (ගිනි තැබීම) විය හැකිය. ගිනි තැබීම, ප්‍රෝඩාවක් සඳහා, මිනී මැරීමට, කඩාකප්පල් කිරීමට හෝ අවධානය වෙනතකට යොමු කිරීමට හෝ, පුද්ගලයෙකුගේ දහනෝන්මාදය නිසා හෝ විය හැකිය. ඉතා විශාල ගින්නක් විසින් ගිනි කුණාටුවක් නිපැයිය හැකි වන අතර, එය මධ්‍යයෙහි වන ඉහළ නගින රත්වූ වාත කඳ විසින් ගින්න වෙතට දැඩි සුලං හටගන්වන අතර එය විසින් ගින්න වෙත ඔක්සිජන් සපයයි.
- ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය, 2වන සංස්., "Conflagration"
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2b/Zaca3.jpg/640px-Zaca3.jpg)