මහවැලි ගඟ
From Wikipedia, the free encyclopedia
මහවැලි ගඟ (ඉංග්‍රීසි: Mahaweli River; දෙමළ: மகாவலி ஆறு) ශ්‍රී ලංකාවේ දිගම ගඟ වේ. එය කිලෝ මීටර 335 හෙවත් සැතපුම් 208 ක දිගකින් සමන්විත වේ. ශ්‍රී ලංකාව තුල විශාලතම පෝෂණ පෙදෙසකට, එනම් 10,448km2 ක ජලාපවහන ද්‍රෝණියකට උරුම කියන මෙම ගංගාව ශ්‍රී ලංකාවේ මුලු භූමි පරිමාණයෙන් පහෙන් එකක වපසරියක් ආවරණය කරයි. මෙම ගංගාව ලංකාවේ ඊසාන දිගින් පිහිටි ත්‍රිකුණාමලයේ කින්නියා පෙදෙසෙන් බෙංගාල බොක්ක කරා පිවිසෙයි.[1] එය සමනල කන්ද මුදුනෙන් ආරම්භ වන බව පැවසුවත්, එහි සැබෑ ආරම්භය පොල්වතුරෙහි (මහවිල ප්‍රදේශය අසල) පිහිටා ඇත.[2] මහවැලි ගඟට එහි මූලාශ්‍ර ජලය ලැබෙන්නේ කිරිගල්පොත්තේ හෝටන් තැන්නෙන් සහ තොටුපොළ කඳුවැටියෙනි.[3]
මහවැලි | |
ගඟ | |
ගම්පොල හරහා ගලා බසින මහවැලි ගඟ | |
Source | මධ්‍යම පළාත |
---|---|
Mouth | බෙංගාල බොක්ක |
- elevation | |
Length | 335 km (208 mi) |
මහවැලි ගංගාව ලංකාවේ ජල විදුලිය නිෂ්පාදනය සහ ජල සම්පාදනය සඳහා සුවිශාල දායක්ත්වයක් සපයන අතර වර්ග කිලෝ මීටර 1000 කට වැඩි භුමි ප්‍රදේශයක් මෙහි ජලයෙන් පෝෂණය වේ.[4] විශාල වැලි යන අර්ථයෙන් මෙම ගඟට මහවැලි යන නාමය ලැබී ඇත. මහවැලි පාලම පොලොන්නරුවේ පිහිටා ඇත.