![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b8/MarabaBeanSorting1.jpg/640px-MarabaBeanSorting1.jpg&w=640&q=50)
මරබා කෝපි
From Wikipedia, the free encyclopedia
මරබා කෝපි (කින්යාරුවන්ඩා: [Ikawa ya Maraba] Error: {{Lang}}: text has italic markup (help); ප්‍රංශ: Café de Maraba) වගා කෙරෙන්නේ දකුණු රුවන්ඩාවේ මරබා ප්‍රදේශයේ ය.
මරබාහී කෝපි ගස් කොෆියා ඇරාබිකා විශේෂයෙහි බර්බන් වර්ගයට අයත් වන අතර උස්-උන්නතාංශයක් සහිත කඳුවල සරුසාර යමහල් පසෙහි වගාකෙරෙති. මෙහි ඵලදාව බොහෝවිට නෙළාගනු ලබන්නේ මාර්තු සහ මැයි අතර වැසි සමයේ දී ය. ඉන් පසු මෙම ඵලදාව මරබා හි සේදුම් මධ්‍යස්ථානයක් වෙත ගෙන යන අතර එහිදී මෙහි ඇට වෙන් කර වියළා ගනු ලැබේ. විවිධ අවස්ථා වලදී තෝරගත් බීජ ගුණාත්මක භාවය අනුව නැවත වර්ග කිරීමට ලක්වන අතර ගෙවීම් සිදු කරනුයේ සපයන ලද බීජ වල ගුණාත්මකභාවය සහ ප්‍රමාණාත්මක භාවය මත ය.
මෙම බීජ විවිධ කර කිරීම් මධ්‍යස්ථාන වලට විකිණුම් කරන අතර ගුණාත්මක බවින් වැඩි බීජ මිළට ගනු ලබන්නේ එක්සත් රාජධාණියේ Union Coffee Roasters සමගම සහ ඇමෙරිකානු සමාගමක් වන Community Coffee සමාගම විසිණි. මින් එක්සත් රාජධාණියේ සමාගම Fairtrade-certified සහිතක ලද්දකි. රුවන්ඩා කෝපි කර කරන්නන් මිළට ගනු ලබන කෝපි බීජ නිකුත් කරනු ලැබෙන්නේ දේශීය වෙළඳපොළට ය. 2,000 කට අධික වූ කුඩා පරිමාණ වගා කරුවන් කෝපි වගා කරනුයේ 1999 දී පිහිට වනු ලැබූ Abahuzamugambi නම් සමාගම යටතේ ය. 2000 වර්ෂයේදී මෙම සංගමයට රුවන්ඩා ජාතික විශ්වවිද්‍යාලය (NUR) සහ PEARL සමාගම එක් වීමත් සමග කෝපි වල ගුණාත්මක භාවය වර්ධනය වූ අතර වෙළෙදපොල ඉල්ලුමද ඉතා සීග්‍රයෙන් ඉහළ ගියේය. මෙම කෝපි බීර සෑදීමට ද යොදා ගැනෙයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b8/MarabaBeanSorting1.jpg/640px-MarabaBeanSorting1.jpg)