මධුරි ඩික්සිත්
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත් 1967 මැයි 15 වන දින උපත ලැබුවාය. ඇය 1980 සහ 1990 කාලය තුල හින්දි සිනමාවේ ප්රමුඛ නිළියන් හා නර්තන ශිල්පිණියන් අතර නමක් දිනා ගැනීමට සමත් වූවාය. මධුරි, වාණිජ වශයෙන් සාර්ථක වූ නිර්මාණ රැසකට දායක වූ අතර ඒවායේ රැඟුම් හා නර්තන අංග බොහෝමයක්ම පැසසුමට පාත්රවිය. ඇය බොලිවුඩ්හි විශිෂ්ඨතම රංගන ශිල්පිණියක ලෙස මාධ්‍ය මඟින් පැසසුමට ලක්විය. ඉන්දියානු රජය මඟින් ඉන්දියානු පුරවැසියෙකුට පිරිනමන සිව්වැනියට උසස් "පද්ම ශ්‍රී" සිවිල් සම්මානයෙන් ඇය පිදුම් ලැබීය.
උපත | 1967 මැයි 15 |
මුම්බායි, මහරාෂ්ට්‍ර,ඉන්දියාව | |
රැකියාව | නිළි වෘත්තිය |
ක්‍රියාකාරි වර්ෂයන් | 1984-2002 / 2007 |
සැමියා | ශ්‍රීරාම් නේනෙයි (1999– ) |
මූලික අවධිය
ඇය, ශංකර් සහ ස්නෙලතා ඩික්සිත් ට දාව මධුරි ශන්කර් ඩික්සිත් ලෙස ඉන්දියාවේ මුම්බායිහි උපත ලැබූවාය. එමෙන්ම ඇය මාරතී චිට්පාවන් බ්‍රාහ්මණ පරම්පරාවකින් පැවත එයි. මධුරි "ඩිවයින්" ළමා උසස් පාසලින් හා මුම්බායි විශ්වවිද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ අතර ක්ෂූද්‍ර ජීව විද්‍යාඥයෙකු වීමට සිහින මැවුවාය. මේ අතර ඇය "කතක්" නර්තනය අවුරුදු අටක් පුරා හැදෑරීය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.