බෝකෝ හරාම්
From Wikipedia, the free encyclopedia
අන්‍යාගමීකරණය හා ජිහාඩය වෙනුවෙන් වූ සාම්ප්රදායේ ජනතා සභාව[2][3] (අරාබි: جماعة اهل السنة للدعوة والجهاد Jamāʻat Ahl as-Sunnah lid-daʻwa wal-Jihād)—නැතහොත් ඔවුන්ගේ Hausa බසින් බෝකො හරාම් (Boko Haram) ("බටහිර අධ්‍යාපනය පවිටුයි (Haraam)")[4]—යනු ඉස්ලාමීය ජිහාඩ්වාදී සහ takfiriවාදී, නයිජීරියාව,[5] උතුරු කැමරූනය සහ නයිජර්[6][7][8][9] යන රටවල් පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වන ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයකි. එය 2002 වසරේදී, මොහොමඩ් යූසුෆ් (Mohammed Yusuf)[10] විසින්, ෂරියා නීතිය යටතේ පාලනය වන "ශුද්ධ" ඉස්ලාමීය දේශයක් ගොඩනැංවීම හා එම රටවල් බටහිරකරණයට ලක්වීම වැලැක්වීම අරමුණු කර ගනිමින් බිහි කරන ලද්දකි.[11][12][13]
බෝකො හරාම් අන්‍යාගමීකරණය හා ජිහාඩය වෙනුවෙන් වූ සාම්ප්රදායේ ජනතා සභාව Boko Haram Congregation of the People of Tradition for Proselytism and Jihad | |
---|---|
සක්රීයත්වය | 2002–වර්ථමානය තෙක් |
මතවාදය | ඉස්ලාමීය අන්තවාදය ඉස්ලාමීය මූලධර්මවාදය වහාබ්වාදය Takfir |
නායකයින් | අබුබකාර් ශෙකාවු (Abubakar Shekau)[1] Dan Hajia (POW) Abba † Abatcha Flatari † Momodu Bama † Mohammed Yusuf † |
මෙහෙයුම් දියත් කරන කලාප | උතුරු නයිජීරියාව, උතුරු කැමරූනය, දකුණු නයිජරය, චැඩ් |
සන්ධානයන් | Ansaru Al-Qaeda in the Islamic Maghreb |
ප්‍රතිවාදීන් | නයිජීරියාව Civilian Joint Task Force (CJTF) කැමරූන් චැඩ් නයිජර් |
සටන් සහ යුද්ධ | නයිජීරියානු ෂරියා ගැටුම 2009 නයිජීරියානු නිකායික ප්රචණ්ඩත්වය |
මෙම කුරීරු ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානය විසින්, ක්‍රිස්තියානුවන්ට සහ රජයේ ඉලක්කයන් වෙත බහුල වශයෙන් ප්‍රහාර එල්ල කිරීම සිදු කරනු ලබයි.[12] ක්‍රිස්තියානි පල්ලි තුල බෝම්බ පුපුරුවා හැරීම, පාසල් සහ පොලිස් ස්ථාන වලට ප්‍රහාර එල්ල කිරීම,[14][15] බටහිර විදෙස් සංචාරකයින් පැහැර ගැනීම, හා එසේම සමහර ඉස්ලාමීය ආයතනයන් හී පුද්ගලයින් ඝාතනය කිරීම වැනි දරුණු ක්‍රියාවන් රැසක්, පසුගිය කාලය තුල ඔවුන් විසින් වාර ගණනාවකදී දියත් කොට තිබුණි.[16] බෝකො හරාම් ත්රස්තවාදීන්ට සම්බන්ධ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන්, 2002 - 2013 අතර කාල සීමාව තුල පුද්ගලයින් 10,000 ක් පමණ මිය ගොස් ඇතැයි සඳහන් වෙයි.[17][18][19][20][21][22]
වර්ථමානය වනවිට (2014 මැයි) නයිජීරියාවේ බොර්නො (Borno), Adamawa, Kaduna, Bauchi, යොබ් (Yobe) සහ Kano වැනි ප්‍රදේශ තුල, බෝකො හරාම් ත්‍රස්ත බලපෑම් තදින් ක්‍රියාත්මක වන අතර, එම කලාප තුල හදිසි තත්වයක් නම් කොට තිබෙන බව සඳහන් වෙයි. මෙම ත්‍රස්ත සංවිධානයේ සැකැස්ම සහ ඊට අදාල නායකත්ව දාමය පිළිබඳව පැහැදිලි තොරතුරු නොවන අතර,[23] එය පුළුල්ව "ව්‍යාප්ත වූ"[16] සහ බෙදී ගිය කොටස් සහිත ජාලාත්මක සංවිධානයක් ලෙස හැඳින්වෙයි.[11] වාර්ථාවන්ට අනූව බෝකො හරාම් සංවිධානය කොටස් තුනකින් සමන්විත වන අතර,[12] ඉන් එක් කොටසක් ලෙස Ansaru කණ්ඩායම හඳුනාගෙන තිබෙයි. එම කණ්ඩායමේ වත්මන් නායකයා අබුබකාර් ශෙකාවු වන අතර, ආයුධ නිපදවීම පිළිබඳ විශේෂඥකු වන මොමදු බාමා (Momodu Bama) එහි දෙවන අණදෙන්නා බව පැවසෙයි.
කෙසේ නමුදු බෝකො හරාම් ත්රස්තවාදීන්, නයිජීරියාවෙන් බාහිරව වූ ජිහාඩ්වාදීන් සමග සම්බන්ධතා පවත්වන්නේද නැද්ද යන්න අර්බුධකාරී වෙයි. අමෙරිකානු හමුදා සේනාධිපතිට අනූව, බෝකෝ හරාම් ත්රස්තවාදීන් ඉස්ලාමීය Maghrebයේ අල්-කයිඩා (AQIM) වට සම්බන්ධව කටයුතු කරන බව පැවසෙයි,[24][25] නමුත් සමහර තොරතුරු වලට අනූව, බෝකො හරාම් ත්‍රස්ත සංවිධානය වෙත ද්‍රව්‍යමය වශයෙන් ජාත්‍යන්තර සහායක් හිමිවන බවට සාක්ෂි නොමැති බව පැවසෙන අතර,[26] ඔවුන් විසින් ජාත්‍යන්තර වශයෙන් දියත් කොට ඇති ප්‍රහාර සංඛ්‍යාවද බොහෝ දුරට සීමා සහිත බව පැවසෙයි.[11] 2013 නොවැම්බර් 13 වන දිනදී, එක්සත් ජනපද රජය විසින්, බෝකො හරාම් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන ලදී.
කරුණු මෙසේ සිදුවූවත් 2013 වසරේ මුල් කාර්තුවේදී, බෝකො හරාම් ත්රස්තවාදීන් ලෙස සැකකෙරුණු පුද්ගලයින් 950 දෙනෙකු, නයිජීරියානු හමුදා ඒකාබද්ධ කාර්ය බලකායේ (Nigeria's military Joint Task Force) රැඳවුම් භාරය යටතේදී මරණයට පත්වීමේ සිදුවීමක් සම්බන්ධව මානව හිමිකම් උල්ලංඝනය වූවේ යැයි කියමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, නයිජීරියානු රජයට චෝදනා එල්ල කරන ලදී.[27] මෙම ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානය නිසා හටගත් ගැටුමේ හේතුවෙන් 2011 වසර වන විට පුද්ගලයින් 90,000 ක ප්‍රමාණයක් අවතැන්ව ඇතැයි වාර්ථා වෙයි.[28] හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන පරිදි, මෙම ත්‍රස්ත සංවිධානයේ වැඩ කටයුතු වෙනුවෙන් වයස අවුරුදු 12 පමණ වන ළමා සොල්දාදුවන්ද, යොදවා තිබෙයි.[29]