බොක්සිං
From Wikipedia, the free encyclopedia
පග්ලිසම්, ඇන්ග්ලේස් බොක්සින් හා ඉංග්‍රීසි බොක්සින් වන විවිධ නම්වලින් හැඳින්වෙන මෙම ක්‍රීඩාව එකම බර සහිත ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර සිය අත්මිට භාවිතයෙන් කෙරෙන ප්‍රතිවාදී තරඟයකි. මිනිත්තු එකේ සිට තුන අතර විවේක කාලයක් ඇතුලත්ව නියමිත කාල සීමාවක් තුළ පවත්වන තරඟාවලියකි. තරඟාවලියේ වීරයා වනුයේ ප්‍රතිවාදියා බිම හෙලීමෙන්.(තරඟ විනිසුරු දහයට ගණන් කිරීමට පෙර ප්‍රතිවාදියා නැඟී සිටිය යුතුය) එය “Knockout, හෝ KO” ලෙස හඳුන්වන අතර, ප්‍රතිවාදියාට තුවාල සිදු කිරීමෙන් ද පරාජය කළ හැකිය. එය “Technical Knockout,හෝ TKO” ලෙස හඳුන්වයි. නියමිත රවුම් ගණන අවසානයේ දීත් ජයග්‍රහණය තීරණය නොවුව හොත් ජයග්‍රහණය තීරණය කිරීම තරඟ විනිසුරුවන් විසින් සිදු කරනු ලබයි. පැරණි ග්‍රීකයන් විසින් පළමු වරට හඳුන්වා දෙනු ලැබුව ද අත්මිට මොළවා පහර දීම සාමාන්‍ය ක්‍රියාවකි. නමුත් එය ක්‍රීඩාවක් ලෙස හඳුන්වා දීමේ දී නීති රීති සමඟ ක්‍රීඩා වෘත්තිකයන් විසින් ක්‍රීඩා කරනු ලබයි. ක්‍රි.පූ.668 දී මුල් භාගයේ දී ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස අවසරලත් මෙම ක්‍රීඩාව නවීන ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස පැවතෙන්නේ බ්‍රිතාන්‍යයෙනි. එක් එක් රටෙහි ක්‍රීඩා ස්වරූපයට ආවේනිකව මෙම ක්‍රීඩාව නම් කිරීම ද සිදු කෙරේ. ඒ අනුව "English Boxing" “French boxing” ආදී විවිධාකාර නම්වලින් ලෝ පුරා මෙම ක්‍රීඩාව පැතිරී ඇත.
මෙලෙසද හැඳින්වවෙයි | Western Boxing, Pugilism See note.[1] |
---|---|
එල්ලය | Punching, striking |
සම්භවය ඇතිවූ රට | Prehistoric |
පිතෘත්වය | Bare-knuckle boxing |
ඔලිම්පික් ක්‍රීඩාව | 688 BC (Ancient Greece) 1904 (modern) |