From Wikipedia, the free encyclopedia
1993 දී සිදුවූ එතුමාගේ වැඩිමහළු සහෝදරයාගේ මරණයේ සිට 2013 දී ඔහුගේ කිරුළ අත්හැරීම වන තුරු, දෙවන ඇල්බට් රජතුමා (උපත 6 ජූනි 1934) බෙල්ජියානුවන්ගේ රජු වශයෙන් රාජ්‍යය පාලනය කළේය. එතුමා, "බෙල්ජියම්" රාජ වංශයේ සාමාජිකයෙකි; පූර්වයේ මෙම රාජ වංශය හැඳින්වුනේ සැක්ස්-කෝබර්ග් සහ ගෝතා රාජ වංශය ලෙසිනි. ඔහු, ලක්සම්බර්ග්හී දැනට රාජ්‍යය කරන මහා ආදිපාදවරයාවන, හෙන්රි, ලක්සම්බර්ග්හී මහා ආදිපාදතුමාගේ මාමා වෙයි.
දෙවන ඇල්බට් රජතුමා | |||||
---|---|---|---|---|---|
බෙල්ජියානු රජවරුන්ගේ ලැයිස්තුව | |||||
රාජ්‍ය සමය | 9 අගෝස්තු 1993 – 21 ජූලි 2013 | ||||
පූර්වප්‍රාප්තිකයා | බූඩුවාන් රජතුමා | ||||
අනුප්‍රාප්තිකයා | පිලිප් රජතුමා | ||||
උපත | 6 ජුනි 1934 ලාකෙන්, බ්‍රසල්ස්, බෙල්ජියම | ||||
වල්ලභයා | බෙල්ජියමේ පාවෝලා රැජින (1959–වර්තමානය) | ||||
දරුවන් Detail | පිලිප් රජතුමා ඇස්ට්‍රිඩ් කුමරිය, ඔස්ට්‍රියා-එස්ටේ හී මහා ආදිපාදවරිය ලොහෝන් කුමරු | ||||
| |||||
වංශය | සැක්ස්-කෝබර්ග් සහ ගෝතා රාජ වංශය | ||||
පියා | බෙල්ජියමේ තුන්වන ලියෝපෝල්ඩ් රජ | ||||
මව | ස්වීඩනයේ ඇස්ට්‍රිඩ් රැජිණ | ||||
ආගම | රෝමානු කතෝලික ආගම | ||||
අත්සන |
2013 ජූලි 3 දිනදී, දෙවන ඇල්බර්ට් රජතුමා, බෙල්ජියානු කැබිනට් මණ්ඩලයෙහි දින මැද සැසියට සහභාගි විය. රාජෝත්තමයාණන් වහන්සේ එවිට ප්‍රකාශ කළේ, සෞඛ්‍යය හේතුන් නිසා, ජූලි 21 දිනදී කිරුළ අත් හරින බවයි. 2013 ජූලි 21 දිනදී, ඔහු වෙනුවට පත්වූයේ එතුමාගේ පුත්, බෙල්ජියමේ පිලිප් කුමරුවාය. 2013දී කිරුළ අත්හැරිය සතරවන රජු ඔහු වූයේ, දහසය වන බෙනඩික්ට් පාප්වහන්සේ, නෙදර්ලන්තයේ බියට්‍රික්ස් රැජිණ, සහ කටාර්හී එමීර් හමාඩ් බින් කලීෆා යන්නන්ට පසුවය. [1] මෙසේ කිරීමෙන්, ඔහු, කිරුළ අත්හැරිය දෙවන බෙල්ජියානු රජු වූයේ, 1951දී හාත්පසින්ම වෙනත් පසුබිමක කිරුළ අත්හැරිය, තුන්වන ලියෝපෝල්ඩ් රජුට පසුවය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.