![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/19/Black_Ruby_Barb_700.jpg/640px-Black_Ruby_Barb_700.jpg&w=640&q=50)
බුලත් හපයා
මත්ස්‍ය විශේෂය / From Wikipedia, the free encyclopedia
බුලත් හපයා (Pethia nigrofasciata, මින් පෙර හැඳින්වූයේ Puntius nigrofasciatus ලෙසයි) නැතහොත් Black ruby barb හෙවත් purplehead barb යනු ශ්‍රී ලංකාවටආවේණික නිවර්තන cyprinid මත්ස්‍ය විශේෂයකි. ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්රිත ගංගා ද්‍රෝණි වන, කැලණි ද්‍රෝණියෙහි සහ නිල්වලා ද්‍රෝණියෙහි හමුවේ. ඒවා උන්නතාංශය අඩි 1000 (මීටර් 300) ක් පමණ වන කඳුකරයේ ඇළ දොළ වල දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ ගිනිගත්හේන ප්‍රදේශයේදී මහවැලි වෙත හඳුන්වා දුන් දීප්තිමත් වර්ණ සහිත ගහනය ජලජීවී අපනයන වෙළඳාම හේතුවෙන් සංඛ්‍යාව අඩු වී ඇති බව කියනු ලැබේ. [2]
Quick Facts බුලත් හපයා, සංරක්ෂණ තත්ත්වය ...
බුලත් හපයා | |
---|---|
![]() | |
විද්‍යාත්මක වර්ගීකරණය ![]() | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Actinopterygii |
ගෝත්‍රය: | Cypriniformes |
කුලය: | Cyprinidae |
උපකුලය: | Barbinae |
ගණය: | Pethia (ගන්තර්, 1868) |
විශේෂය: | P. nigrofasciata |
ද්වීපද නාමය | |
Pethia nigrofasciata (ගන්තර්, 1868) | |
පර්යාය නාම(ය) | |
|
Close