![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e0/WikiProject_Scouting_fleur-de-lis_dark.svg/langsi-640px-WikiProject_Scouting_fleur-de-lis_dark.svg.png&w=640&q=50)
බාලදක්ෂ ව්‍යාපාරය
From Wikipedia, the free encyclopedia
බාලදක්ෂ ව්‍යාපාරය යනු තරුණ තරුණියනියන්ගේ මානසික, ශාරීරික සහ ආධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම නිර්මාණාත්මක පුද්ගල වර්ධනයට අතදීම ආරම්භක අරමුණ සේ පවත්වාගනිමින් ඇරඹුනු ලෝක ව්‍යාප්ත තරුණ සංවිධානයකි.
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "බාලදක්ෂ ව්‍යාපාරය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e0/WikiProject_Scouting_fleur-de-lis_dark.svg/320px-WikiProject_Scouting_fleur-de-lis_dark.svg.png)
බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් බේඩින් පවෙල් විසින් 1907 වසරේදී එංගලන්තයේ බ්රවුන්සී දූපතේදී පලමු බාලදක්ෂ කදවුර පැවැත්වීමත් සමඟ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ විය. බාලදක්ෂ ව්‍යාපාරය සඳහා මූලධර්ම ඇතුලත් කොට බේඩින් පවෙල් විසින් රචිත ‘පිරිමි ළමුන් සඳහා බාලදක්ෂ’ (Scouting for Boys) (එංගලන්තය , 1908) කෘතියට ඔහු විසින් පෙර රචිත හමුදාමය ග්රන්ථ වල ආභාෂය ලැබුනි. විසිවන සියවසේ මුල් භාගයේදී මෙම ව්‍යාපාරය පිරිමි ළමුන් සඳහා වයස් කාණ්ඩ තුනක් (පෝතක බාලදක්ෂ, බාලදක්ෂ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ) යටතේ ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වූ අතර 1910 වසරේදී බාලදක්ෂිකා සංගමය ලෙසින් නව සංගමයක් ගැහැනු ළමුන් (කනිෂ්ඨ බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා) උදෙසා ආරම්භ විය.
බාලදක්ෂ ව්‍යාපාරය සඳහා යොදා ගනුයේ අවිධිමත් අධ්‍යාපනය මූලික කරගත්, කදවුරු බැදීම, වනවිද්‍යාව, ජල ක්‍රීඩා, පාගමන් සහ ක්‍රීඩා වැනි එලිමහන් ප්‍රයෝගික ක්‍රියාකාරකම් සහිත රීතියකින් යුත් වැඩසටහනකි. පුළුල් ලෙස මෙම ව්‍යාපාරය හදුනාගන්නා ලක්ෂණයක් වනුයේ එය සතු නිල ඇඳුමයි. කරපටියක් සහ කදවුරු හිස් වැසුමකින් සමන්විත නිල ඇඳුමේ අභිප්‍රාය වනුයේ රටවල් තුල පවත්නා සාමාජීය විෂමතා බැහැර කර සමානාත්මතාවය වර්ධනය කරලීමයි. fleur-de-lis සහ ත්‍රිපත් ලාංඡනය මගින් නිල ඇදුම විශේෂ වන අතර දක්ෂතා පදක්කම් එයට වැඩි අරුතක් ලබාදෙයි.
2011 වසර වන විට ලොව පුරා සිටින බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් සංඛ්‍යයාව මිලියන 41 ඉක්මවා සිටිති. මොවුන් සියල්ලටම සෙවන සදන විශාලතම සංවිධානයන් දෙක ලෙස ලෝක බාලදක්ෂ සංගමය (World Organization of the Scout Movement-(WOSM)) සහ ලෝක බාලදක්ෂිකා සංගමය (World Association for Girl Guides and Girl Scouts- WAGGGS) හැදින්විය හැකිය. ලොව පුරා වෙසෙන සාමාජිකයන් විසින් 2007 වසරේදී බාලදක්ෂ ශත සංවත්සරය උත්කර්ශවත්ව සමරන ලදී.