බහු වගාවන්
From Wikipedia, the free encyclopedia
බහු වගාව (ඉංග්‍රීසි: Polyculture) යනු විවිධාකාර වගාවන් ප්‍රයෝජනයට ගනිමින් එකම ප්‍රදේශයක ස්වාභාවික පරිසරයේ විවිධත්වය අනුකරනය කරමින් එකම වගාවකට විශාල බිම් ප්‍රදේශයක් යොදා ගැනීමේ ක්‍රමයෙන් ඉවත් වී කරන කෘෂි කර්මාන්තයයි. මෙම ක්‍රමයට ශෂ්‍ය මාරුව ,විවිධ වගාවන් අන්තර් වගාවන් (අතුරුවගාවන්) සහායක තෝරාගත් හිතකර පැලෑටි, alley වගාවන් ඇතුලත්වේ.
බහු වගාවන් සඳහා වැඩි කම්කරු ශ්‍රමයක් අවශ්‍ය වුවද තනි වගාවකට වඩා වාසිදායක පැති කිහිපයක් තිබේ.
- වගා විවිධත්වය හේතුවෙන් තනි වගාවකට පහසුවෙන් වැළඳෙන ලෙඩ රෝගවලින් මිදීමේ හැකියාව ලැබේ.මේ සඳහා නේචර් (Nature) සඟරාවේ පළවූ වාර්ථාවක් උදාහරණයක් ලෙස ගත හැක. එම වාර්ථාවට අනුව චීනයේ එකම බිමක විවිධ වර්ගයේ වී වර්ග වගා කිරීමෙන් 89%ක අස්වැන්නක් ලැබී ඇත. මෙයට හේතුව අධික ලෙස කෘමිනාශක භාවිතා කළ යුතු පළිබෝධ රෝග වැලඳීම 94% ක ප්‍රමාණයක් අඩු වීමයි.
- විවිධ වගාවන් තිබීමෙන් විවිධාකාර සත්ව ගනයට වාසභූමි සැපයේ එයින් ප්‍රදේශයේ ජෛව විවිධත්වය වැඩිවේ.මෙය පරිසර හිතකාමී වීම නැතහොත් ජෛව විවිධත්වය සඳහා මනාව බිම් කඩවල් වල ඉඩකඩ සැලසීමේ එක් අවස්ථාවකි.
බහුවගාව යනු permaculture(ස්ථිරවගා ක්රමයේ ) ක්රමයේ එක් මූලධර්මයකි.