බයියුරෙට් පරීක්ෂාව
From Wikipedia, the free encyclopedia
බයියුරෙට් පරීක්ෂාව යනු පෙප්ටයිඩ බන්ධන ඇති බව සොයාගැනුමට සිදුකෙරෙන රසායනික පරීක්ෂාවකි. පෙප්ටයිඩ තිබේනම්, ක්ෂාරීය ද්‍රාවණයකදී, කොපර්(II) අයනයක් දම්-පැහැති සංකීර්ණ අයනයක් තනයි. [1] පරීක්ෂාවෙහි ප්රභේදයන් කිහිපයක් විකාශනය කර ඇත.
මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි) |
ප්‍රෝටීන සාන්ද්‍රණය නිශ්චනය කෙරුමට බයියුරෙට් පරීක්ෂාව භාවිතා කළ හැක්කේ පෙප්ටයිඩ වල ඇමයිනෝ අම්ල පවතින වාර ගණනට සමානව පෙප්ටයිඩ බන්ධන ද පවතින බැවිනි. බියර්-ලැම්බට් නියමය ප්‍රකාර, වර්ණයෙහි තීව්‍රතාවය හා, එම නිසා ම 540 නැමී තරංග ආයාමය අවශෝෂණය කිරීමේ හැකියාව, ප්‍රෝටීන් සාන්ද්‍රණයට අනුලෝමව සමානුපාතික වෙයි.
එලෙසින් නම් කෙරුන ද, ප්රතිකාරකයෙහි ඇත්ත වශයෙන් ම බයියුරෙට් ((H2N-CO-)2NH) අඩංගු නොවේ. පරීක්ෂාව එලෙසින් නම් කර ඇත්තේ බයියුරෙට් අණුවෙහි පෙප්ටයිඩ බන්ධන සඳහා ද ධනාත්මක ප්‍රතික්‍රියාවක් එය විසින් සපයන බැවිනි.