පෝෂණය
From Wikipedia, the free encyclopedia
පෝෂණය යනු සෛල සහ සත්ව කොට්ඨාශවල ජීවය පවත්වා ගැනීම සදහා අවශ්‍ය වන සංඝටකයන් ආහාර මගින් ලබා දීමයි. මනා පෝෂණයක් මගින් බොහෝමයක් වු පොදු සෞඛ්‍ය ගැටලු වලක්වා ගැනීමට හෝ සුව කර ගැනීමට හැක.
මෙම ලිපිය වනාහි Nutrition ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
යම් කිසි සත්ව කොට්ඨාශයක ආහාර වේල යනු ඔවුන් පරිභෝජනය කරනු ලබන ද්‍රව්‍යයන්ය. පෝෂණවේදීන් යනු මිනිසුන්ගේ පෝෂණය ආහාර වේල සකස් කර ගැනීම , ආර්ථිකය සහ ආහාර වේලසැලසුම් කර ගැනීම ගැන විශේෂ දැණුමක් ඇති සෞඛ්‍යය වෘත්තිකයන්ය. ඔවුන් පුද්ගලයන්හට රෝගී අවස්ථාවන්හිදී සහ නොයෙකුත් ආයතනවලට වඩා ආරක්ෂාකාරී පෝෂණ උපදෙස් ලබා දීම සදහා පුහුණු වී ඇත.
සමබල නොවු ආහාර වේලක් මගින් සෞඛ්‍ය කෙරෙහි හානිදායී බලපෑමක් ඇති කළ හැක. ශීතාද රෝගය , බෙරි බෙරි රෝගය සහ ‘ක්වෝෂියොකෝර්’ වැනි ඌනතා රෝගද සෞඛ්‍යයට අවදානමක් ඇති කරන අධි ස්ථුලතාව , පරිවෘත්තිය සින්ඩ්‍රෝමය සහ රුධිර සංසරණ පද්ධතියේ රෝග ඇතුළු වෙනත් කාලික දේහගත රෝගයන් වන දියවැඩියාව සහ අස්ථි දිරාපත් වීම මේ සදහා උදාහරණ වේ.