From Wikipedia, the free encyclopedia
පොම්පදෝරු බටගොයා (Treron sp.) යනුවෙන් හඳුන්වන්නේ Treron ගණයට අයත් පරෙවි සංකීර්ණයකි. මෙම පක්ෂීන් දකුණු සහ අග්නිදිග ආසියාවේ වනාන්තරවල පුළුල්ව ව්‍යාප්ත වී ඇත. බොහෝ අධිකාරීන් විසින් පොම්පදෝරු බටගොයා විශේෂ ගණනාවකට බෙදා වෙන්කොට ඇත. එම විශේෂ පහළ ලැයිස්තුගත කොට ඇත:
පොම්පදෝරු බටගොයා | |
---|---|
නාමික විශේෂයේ පිරිමි පක්ෂියා, ශ්‍රී ලංකා බටගොයා, කවුඩුල්ල ජාතික උද්‍යානය, ශ්‍රී ලංකාව. | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
Phylum: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | Columbiformes |
කුලය: | Columbidae |
ගණය: | 'Treron' |
මෙම විශේෂ නිවර්තන දකුණු ආසියාවේ වනාන්තරවල ඉන්දියාව, ශ්‍රී ලංකාව සිට පිලිපීනය සහ මොලුක්කා දූපත් තෙක් නැගෙනිහර ප්‍රදේශවල හමුවේ. ඉන්දියාව තුළ මොවුන් වියුක්ත ගහන ලෙසින් බටහිර ඝාට්ස්, නැගෙනිහර ඝාට්ස්වල ඇතැම් ප්‍රදේශ, ඊසානදිග ඉන්දියාව සහ අන්දමන් දූපත්වලින් හමුවේ.
පොම්පදෝරු බටගොයන්ගේ ව්‍යාප්තිය විශේෂයෙන්ම වියුක්ත ස්වභාවයක් ගන්නා අතර, ඇතැම් විශේෂ විශිෂ්ට ය. බොහෝ අධිකාරීන් විසින් මෙම සංකීර්ණය විශේෂ සයකට බෙදා වෙන්කොට දක්වයි:[2][3]
පොම්පදෝරු බටගොයන් සංකීර්ණයේ විශේෂ සියල්ල තරබාරු මධ්‍යම ප්‍රමාණයේ පරවි විශේෂ වේ. දිගින් 25 to 28 සෙන්ටිමීටර (9.8 to 11.0 in) පමණ වන මොවුන්ගෙන් ඇතැම් විශේෂ සැලනිය යුතු ලෙස ප්‍රමාණයෙන් විශාල ය. (නිදසුන් ලෙස chloropterus විහේෂය ආසියානු මහාභූමියේ පක්ෂීන්ට වඩා තරමක් විශාල වීම දැක්විය හැක)[3] හිස කොළ සහ කොළ පැහැයට හුරු කහ පැහැය දක්වා විය හැක. උඩුකය කොළ පැහැති ය. නමුත් phayrei උපවිශේෂයේ පිරිමි පක්ෂීන්ගේ ළයෙහි ලා තැඹිලි පැහැ පැල්ලමක් දැකගත හැක. ශ්‍රී ලංකා බටගොයන්ගේ හැර සෙසු විශේෂවල නළල ඇතුළු කිරුළ සාමාන්‍යයෙන් අළු පැහැති ය. ශ්‍රී ලංකා බටගොයාගේ නළල කොළ පැහැයට හුරු කහ පැහැයක් ගනියි.[3] යටි වලිග ඇවිරි ප්‍රධාන වශයෙන්ම සුදු පැහැ හෝ පා කහ පැහැ විය හැක. නමුත් affinis සහ phayrei පිරිමි පක්ෂීන්ගේ එය තද දුඹුරු පැහැයක් ගනියි. පියාපත් කළු පැහැයට හුරු අතර, පියා ඇවරි තෙක් ලාක්ෂණික කහ මායිමක් දැකගත මැක. පිටැවුරුම ගැහැනු සතුන්ගේ අඳුරු කොළ පැහැ අතර, පිරිමි සතුන්ගේ තද දම් -තඹල වර්ණයක් ගනියි. බොහෝ පක්ෂීන්ගේ "උරහිස්" පෙදෙසට ද මෙය අදාළ වුවත්, aromaticus පිරිමි පක්ෂීන්ගේ "උරහිස්" ඉතා තද අළු පැහැයක් ගන්නා අතර, chloropterus පිරිමි සතුන්ගේ එය කොළ පැහැති ය.[4] එමෙන්ම, aromaticus පිරිමි පක්ෂීන් සහ axillaris කාණ්ඩයේ ඇතැම් සාමාජිකයින්ගේ පිටැවුරුමට ඉහළින් අළු පැහැ පටියක් දැකගත හැක.[4]
බොහෝ පක්ෂීන්ගේ පාද රතු පැහැයට හුරු ය. නමුත් axillaris කාණ්ඩයේ පක්ෂීන්ගේ පාද අළු පැහැති ය. ඇස් මදටිය පැහැයට හුරු රතු පැහැ හෝ තද හෝ ඉතා දීප්තිමත් පැහැ නිල් පැහැ විය හැක. (උපවිශේෂය අනුව වෙනස් වේ) හොටය සුදු පැහැයටු හුරු අළු පැහැති අතර, අඳුරු, ලා කොළ හෝ නිල් පැහැ පාදමක් සහිත ය. නමුත් axillaris කාණ්ඩයේ පක්ෂීන්ගේ හොටයේ පාදම රතු පැහැති ය.
පොම්පදෝරු බටගොයා සංකීර්ණයේ සියලු විශේෂ සාමාන්‍යයෙන් තනි තනි වශයෙන් හෝ කුඩා කණ්ඩායමක් ලෙස හැසිරෙයි. පියාසැරි වේගවත් සහ ඍජු එකකි. පරවියන්ට ලාක්ෂණික වන ක්රමානුකූල අත්පුඩි වැනි පියාපත් ගැටෙන නාදය මොවුන් තුළ ද දැකගත හැක. ශාක බීජ සහ ඵල ගණනාවක් මත යැපේ. ගසක් මත කෝටු කැබලි ආධාරයෙන් තනන කැදැල්ලෙහි සුදු පැහැ බිත්තර දෙකක් දමයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.