පුනරුදය
From Wikipedia, the free encyclopedia
පුනරුදය (ඉංග්‍රීසි: Renaissance) යන්නෙහි නැවත ඉපදීම යන අරුත ඇතතේය. මෙය පළමුව ඉතාලියෙන් ඇරඹි බටහිර යුරෝපය පුරා පැතිරිණි. මෙය පළමුව සංස්කෘතික ප්‍රවාහයක් ලෙස 14 වන ශතවර්ෂයේ දී ඇරඹිණි. මෙය පසුව සමාජ තලයේ වෙනස්කම් රැසක් ඇති කරන ලදි.
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. (2023 අගෝස්තු) |
'පුනරුද මිනිසුන්' යන නාමය ලියනාඩෝ ඩාවින්චි හා මයිකල් ආන්ජලෝ යන කලාකරුවන් විසින් පට බැඳිනි. සංස්කෘතික පුනර්ජීවයේ කැපී පෙනෙන මං සලකුණු ලෙස නැවතත් දාර්ශනික මුලාශ්‍ර ඉගෙනීමට යෑම චිත්‍ර කලාව, අධ්‍යාපන පුනරැදය දැක්විය හැකිය. පසුව මෙය කලාකාමී පුනරුදයක සිට බුද්ධිමය පුනරුදයකට තාක්ෂණික විප්ලවයකට කෘෂිකර්මාන්තයේ දැවැන්ත පෙර උයනට හේතු විය. බොහෝ මිනිසුන් තම ඉඩම් හැර නගරයේ පදිංචි වුහ.
පුනරුදයේ උච්චතම අවස්ථාව උදාවුයේ 15 වන ශතවර්ෂයේ සිදු වූ සංසිද්ධියත් සමග ය. එනම් ඔටෝමාන් තුර්කිවරුන් විසින් කොන්ස්තන්තිනෝපලය බිඳ දැමීම හා විශ්වවිද්‍යාලය වසා දැමීම නිසා දහස් ගණන් ග්‍රීක උගතුන් ඉතාලියට පලා ගියෝය. ඔවුන් ඒ සමග ම විශාල වශයෙන් ග්‍රීක රෝම සාහිත්‍ය නීති පොත් ඉතාලියට ගෙන ගියහ.
මධ්‍යකාලීන චින්තනයට හා ක්‍රියාමාර්ගයන්ට දැඩි පහරක් පුනරුදය හේතුවෙන් එල්ල විණි. ඒ සමගම නව යුගය උදාවිණි.