ප්‍රීටි සින්ටා
From Wikipedia, the free encyclopedia
1975 ජනවාරි 31 වැනි දින උපත ලැබූ ප්‍රීටි සින්ටා ප්‍රවීණ බොලිවුඩ් සිනමා නිළියෙකි. එමෙන්ම ඇය තෙළිඟු, පන්ජාබි සහ ඉංග්‍රීසි චිත්‍රපට වලටද රඟපෑමෙන් දායක වී ඇත. අපරාධ මනෝවිද්‍යාව පිළිබඳව උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඇය 1998 දී "දිල් සෙ" (Dil Se) සහ "සෝල්ජර්" (Soldier) යන සිනමාපටි වලින් තම සිනමා දිවිය ආරම්භ කළාය. ඇය එම වසරේ "හොඳම නවක නිළිය" ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මානය පවා දිනා ගත්තාය. 2000 වසරේදී "ක්යා කෙහෙනා" (Kya Kehna) හිදී ඇය තරුණ මවකගේ චරිතය නිරූපනය කළාය. පසුව ඇය විවිධත්වයකින් යුතු චරිත නිරූපනය කළ අතර, එම චරිතවල ස්වභාවය හා ගතිගුණ මත හින්දි සිනමාවේ වීරවරියන්ගේ චරිත වලට නව අරුතක් ගෙන දුන්නාය.
මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. |
ප්‍රීටි සින්ටා | |
---|---|
උපත | 31 ජනවාරි 1975 (1975-01-31) (වයස 49) සිම්ලා, හිමාචල් ප්‍රදේශ්, ඉන්දියාව |
රැකියාව | නිළියක, නිෂ්පාදිකාවක, ව්‍යවසායිකාවක |
සක්‍රීය වසර | 1996 - වර්තමානය[1] |
කලත්‍රයා(යන්) | ජීන් ගුඩ්නොෆ් (වි. 2016) |
ඇය 2003 වසරේදී "කල් හෝ නා හෝ" (Kal Ho Na Ho) චිත්‍රපටය වෙනුවෙන් "හොඳම නිළිය" සඳහා වන ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනා ගත්තාය. ඇය වසර දෙකක් තුල හොඳම ආදායම් වාර්තා තැබූ චිත්‍රපට දෙකකට රංගනයෙන් දායක විය. එනම්, ඇගේ සාර්ථකම වාණිජ චිත්‍රපටය වූ "කොයි මිල්ගයා" (Koi Milgaya) නම් විද්‍යා ප්‍රබන්ධයත්, ඇයට විචාරාත්මක පිළිගැනීමක් ලබාදුන් "වීර් සාරා" (Veer Zaara) නම් ප්‍රේම වෘත්තාන්තයත්, මෙම අති සාර්ථක නිර්මාණ වේ.
ඉන්පසු ඈ විසින්, නූතන සහ ස්වාධීන ඉන්දීය කාන්තාවකගේ චරිත නිරූපනය කල "සලාම් නමස්තේ" (Salaam Namaste) සහ "කබි අල්විදා නා කෙහෙනා" (Kabi Alvida Naa Kehna) යන චිත්‍රපට විශේෂයෙන් සඳහන් කල යුතුය. "හෙවන් ඔන් අර්ත්" (Heaven on Earth) නම් කැනේඩියානු චිත්‍රපටයෙන් ජ්‍යාත්‍යන්තර සිනමාවට එක්වූ ඇය ඒ වෙනුවෙන් 2008 වර්ෂයේ චිකාගෝ ජ්‍යාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නිළිය සඳහා වන “සිල්වර් හ්යුගෝ" සම්මානයෙන් පිදුම් ලැබුවාය.
රඟපෑමට අමතරව ඇය බී.බී.සී වෙබ් අඩවියට තීරු ලිපි මාලාවක් සපයා ඇත. එසේම ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියෙහි "කිංග්ස් XI පන්ජාබි" කණ්ඩායමේ සම හිමිකාරිත්වය දරයි. සෑම විටම විවෘතව අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රසිද්ධත්වයක් උසුලන ප්‍රීටි බොහොමයක් අවස්ථාවල මතභේදාත්මක කරුණු ඉදිරිපත් කර ඇත. 2003 වසරේදී ඉන්දියානු මාෆියා කල්ලියකට එරෙහිව නැගී සිටි ඇය "ගොඩ්ෆ්‍රේ ෆිලිප්ස්" ජාතික වීර සම්මානයෙන් පිදුම් ලැබුවාය.