From Wikipedia, the free encyclopedia
ප්‍රතිහයිඩ්‍රජන් යනු හයිඩ්‍රජන්හී ප්‍රතිපදාර්ථ ප්‍රතිමූර්තියයි. සාමාන්‍ය හයිඩ්රජන් පරමාණුව සමන්විත වී ඇත්තේ ඉලෙක්ට්‍රෝනයක් සහ ප්‍රෝටෝනයක් වෙතින් වන අතර, ප්‍රතිහයිඩ්‍රජන් පරමාණුව සැදී ඇත්තේ පොසිට්‍රෝනයක් සහ ප්‍රතිප්‍රෝටෝනයක් වෙතිනි. 1995 දී ත්වරක පරීක්ෂණ වලදී, කෘත්‍රිම ලෙසින් ප්‍රතිහයිඩ්‍රජන් සැදෙන බව දැනගත් නමුත්, එවැනි "වැර" ප්රවේගයන්හිදී නිපැයෙන පරමාණු, සවිස්තර පිරික්සුමකට භාජනය කිරීමට පෙර පදාර්ථය සමග ගැටෙමින් විනාශ වී යෑමට ප්‍රවණතාවයක් පැවතිණි. 2010 නොවැම්බර් හිදී, පළමු වරට, සසිල් ප්‍රතිහයිඩ්‍රජන් නිපැයුණු අතර, CERN හී ප්‍රතිහයිඩ්‍රජන් ලේසර් භෞතික විද්‍යා උපකරණ (ALPHA) කණඩායම විසින් තත්පරයකින් හයෙන් පංගුවක පමණ කාලයක් තුල චුම්බකිත ලෙසින් සංසීමා කරනු ලැබිණි.[1]
ප්‍රතිහයිඩ්‍රජන් සඳහා සම්මත සංකේතය වන්නේ H; එනම්, උඩුඉරක් සහිත H (උසුරුවනුයේ /ˌeɪtʃ ˈbɑr/ එයිච්-බාර්, හෝ "එච්-බාර්").
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.