![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ea/Log.svg/langsi-640px-Log.svg.png&w=640&q=50)
ප්‍රකෘති ලඝුගණක
From Wikipedia, the free encyclopedia
ප්‍රකෘති ලඝුගණක විධිමත් ලෙස බහුවලයික ලඝුගණක යනු පාදය e වු ලඝුගණකයි. මෙහි e යනු 2.718281828459 ට ආසන්න අපරිමිත නියතයකි. වඩා සරලව x සංඛ්‍යාවේ ප්‍රකෘති ලඝුගණකය යනු x ට සමාන වීම සදහා e නැංවිය යුතු බලයයි. උදාහරණයක් ලෙස e හි ප්‍රකෘති ලඝුගණකය 1 ක් වේ. මන්ද e1 = e බැවිනි. 1 හි ප්‍රකෘති ලඝුගණකය o වේ. ඒ e0 = 1 වන බැවිනි. සියලු ධන තාත්වික සංඛ්‍යා x සදහා ප්‍රකෘති ලඝුගණකය 1 සිට x දක්වා y = 1/t වක්‍රය යට වර්ග ඵලය ලෙස අර්ථ දැක්විය හැකි අතර ශුන්‍ය නොවන සංකිර්ණ සංඛ්‍යා සදහාද ඉහත පරිදිම අර්ථ දැක්විය හැකිවේ.
![ප්‍රකෘති ලඝුගණක ප්‍රස්ථාරය](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ea/Log.svg/320px-Log.svg.png)
පහත සර්වසාම්යයන්ට අනුව ප්‍රකෘති ලඝුගණක ශ්‍රිතය ඝාතිය ශ්‍රිතයේ ප්‍රතිලෝම ශ්‍රිතය ලෙසද අර්ථ දැක්විය හැකිය.
වෙනත් ආකාරයකට ප්‍රකෘති ලඝුගණක ශ්‍රිතය, ධන තාත්වික සංඛ්‍යා කුලකයේ සිට සියලු තාත්වික සංඛ්‍යා කුලකයට සමක්ෂේපයකි. වඩාත් පැහැදිලි ලෙස එය ආකලනය යටතේ වු තාත්වික සංඛ්‍යා ඛාණ්ඩයකට ගුණනය කළ විට තාත්වික සංඛ්‍යා ඛාණ්ඩයකින් වු සමරූපතාවයක් ඇතිවේ. මෙම ශ්‍රිතයෙන් එය නිරූපණය කළ හැකිය.
එමෙන්ම ලඝුගණක e ට පමණක් නොව 1 හැර අනෙක් ඕනෑම ධන පාදයකටද අර්ථ දැක්විය හැකිය. මෙය නොදන්නා දෙය වෙනත් රාශියක ඝාතයක් ලෙස ඇතිවිට ගැටලු විසදීමේදී ප්‍රයෝජනවත් වේ.