පරිගණක අයිකන
From Wikipedia, the free encyclopedia
පරිගණක දසුන් වල දක්නට ලැබෙන කුඩා චිත්රාක්ෂර (pictograms) පරිගණක අයිකන නමින් හැඳින්වේ. පරිගණක භාවිතයේදී සාමාන්‍යයෙන් යොදා ගැනෙන අක්ෂරාංක (alphanumerics) වෙනුවට මෙම පරිගණක අයිකන භාවිතා කළ හැකි වේ. දැන් වෙළඳපොලේ දක්නට ලැබෙන, එමෙන්ම වැඩි වැඩියෙන් භාවිතා වන නව මාදිලියේ පරිගණක වල දසුන් ආන්ත වලට බිටු සිතියම් මනා ලෙස හසුරුවීමට ඇති හැකියාව නිසාවෙන් පරිගණක පරිශීලකයන් හට වඩාත් පහසු වන අයුරින් මෙම පරිගණක අයිතම යොදා ගනු ලැබේ.
ආධුනික පරිගණක පරිශීලකයන් ගැන විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුන් හට ඉක්මණින් පරිගණක අතුරුමුහුණත් වටහා ගැනීමටත්, ග්‍රහණය කරගැනීමටත් පහසු කරවන කදිම මෙවලමක් ලෙස 1970 වසර ආසන්නයේදී පරිගණක අයිකන හඳුන්වා දෙන ලදී. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සහ ඇපල් මැකින්ටොශ් මෙහෙයුම් පද්ධති වල ආධාරයෙන් පසු කාලයකදී අයිකන මුල්තැනක් ගන්නා අතුරුමුහුණත් මහජනයා අතර ප්‍රචලිත වීම සිදුවිය.
සාමාන්‍යයෙන් පරිගණක අයිකනයක ප්‍රමාණය පික්සල 16*16 සිට පික්සල 128*128 අතර අගයක් ගනු ලබන මුත් සමහර මෙහෙයුම් පද්ධති වල අයිකන පික්සල 512 * 512 දක්වා විශාල වන අවස්ථාද ඇත. චිත්රම ප්‍රතිදාන උපාංග වල ප්‍රමාණය කුඩා වන විට අයිකන වල ප්‍රමාණයද කුඩා වේ. මේ නිසා දෘශ්‍ය-ආබාධිත පරිශීලකයන් හට ස්ව-කැමැත්තෙන් අයිකන ප්‍රමාණයන් තෝරාගැනීමට ඉඩ දීම වඩාත් යෝග්‍ය වේ. එසේම ආලෝකය මදි කම, ඇස් අධික ලෙස විඩාපත් වීම, විද්‍යාත්මක ලෙස තහවුරු කරන ලද යම් යම් ආබාධ, දීප්තිමත් පසුබිම් හෝ වර්ණාන්ධතාවය ආදිය නිසාද මෙවැනි විකල්ප ක්‍රම තිබීම වඩාත් වැදගත් වේ.