පරාශිව හෙවත් පරමශිව (සංස්කෘත: पराशिव, ParāŚiva, ශිවත්වයේ උත්තරීතර ස්වභාවය) යනු ස්වයම් ප්‍රකාශිත, සර්වබලධාරී නිරපේක්ෂ යථාර්ථයයි.[1] කාෂ්මීර ශෛව සිද්ධාන්තයට අනුව විඥානයෙන් ග්‍රහණය කරගත නොහැකි, කාලය, ස්වරූපය සහ අවකාශය ඉක්මවා යන ස්වභාවය පරාශිවයි. ශිව ලිංගයෙහි පහළ කොටස පරාශක්තිය නියෝජනය කරන අතර ඉහළ කොටස (ඕවලාකාර කොටස) පරම ශිව නියෝජනය කරයි.

Thumb
ශිව ලිංගයේ ඉහළ කොටස පරම ශිව නියෝජනය කරයි.


පංචබ්‍රහ්ම

ශෛව ලියවිලි වලට අනුව පරාශිව ත්‍රීමුර්තිය වන බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව ලෙස ප්‍රකට වූ අතර පරාශිව එම ත්‍රිත්වයද අභිබවා පවති. එමෙන්ම සංසාරයේ පවතින නිර්මාණය, පැවැත්ම, සංහාරය, මායාව සහ මුක්තිය යන පංචක්‍රියාවන්ට මුල් බීජය වන්නේද පරාශිවයි. එය ශක්තී ධර්මය තුළද සඳහන් වේ. එම තත්වයන් පහ ශිවගේ පංච ශීර්ෂයන්ගෙන් විද්‍යාමාන වේ.

More information ඊශාන, තත්පුරුශ ...
ඊශාන තත්පුරුශ වාමදේව සද්යොජාත අඝෝර
බලා සිටින දිශාව ඉහළ නැගෙනහිර උතුර බටහිර දකුණ
වර්ණය පළිගු රත්‍රන් රතු සුදු නිල්
පංචභූත අතර පවතින සම්බන්ධය ආකාශ වායු ආපෝ පඨවි තේජෝ
ක්‍රියාවන් මුක්තිය මායාව සංරක්ෂණය නිර්මාණය සංහාරය
ස්වරූපය සදාශිව මහේශ්වර විෂ්ණු බ්‍රහ්ම රුද්‍ර
මිනිස් සිරුරේ භාවනා කිරීමේ ස්ථානය හිස මුඛය පාද ලිංගික අවයව හදවත
දර්ශනය සිද්ධාන්ත ගාරුඩ වාම භූත භෛරව
ඉගැන්වීම් මන්ත්‍රමාර්ග අදිමාර්ග වෛදික තාවකාලික ආධ්‍යාත්මික
Close

ආශ්‍රේයයන්

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.