![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/94/Bundesarchiv_Bild_183-R01996%252C_Brieftaube_mit_Fotokamera_cropped.jpg/640px-Bundesarchiv_Bild_183-R01996%252C_Brieftaube_mit_Fotokamera_cropped.jpg&w=640&q=50)
පරවි ඡායාරූපකරනය
From Wikipedia, the free encyclopedia
පරවි ඡයාරූපකරණය යනු ගුවනේ සිට ඡායාරූප ගැනීම සඳහා ජ(ර්)මානු ජාතික බෙහෙත් සකස් කරන්නෙකු වන ජුලියස් නියුබ්‍රොනර් විසින් 1907 වර්ෂයේදී ඔහු විසින් බෙහෙත් යැවීම සඳහා යොදාගන්නා ලද පරවියන් ආශ්රයෙන් නිපදවූ තාක්ෂනයි. මෙහිදී නිවසෙහි ඇතිකිරීමට ගන්නා පරවියෙකුට කාල ප්‍රමාදිත ක්ෂුද්‍ර කැමරාවක් සවිකර හැකිවනසේ ඇලුමිනියම් ලෝහයෙන් සාදන ලද පපු සන්නාහයක් පළඳවනු ලැබේ. මෙම තාක්ෂනය සඳහා ජර්මානු ආරක්ෂක බලපත්‍රය ( පේටන්ට් ) සඳහා නියුබ්‍රොනර් මහතා විසින් කරන ලද ඉල්ලීම ඉල්ලු සැනින් ප්‍රතිෂේප වුවද ඔහුගේ පරවියක් විසින් ගන්න ලද සැබෑ බවට සහතික කරන ලද ඡායාරූප ප්‍රභුත කල පසු 1908 වසරේ දෙසම්බෙර් මාසයේදී ඔහුට එම ආරක්ෂක බලපත්‍රය ( පේටන්ට් ) ලබා දෙන ලදී.ඔහු විසින් මෙමෙ තාක්ෂණය ප්‍රසිද්ධියට පත්කරනු ලැබුවේ 1909 වසරේදී පවත්වනු ලැබූ ඩ්‍රස්ඩෙන් ජාත්‍යන්තර ඡායාරූප ප්රද්ර්ශනය්යේදී වන අතර ඔහු මෙමෙ තාක්ෂණයේ ප්‍රසිද්දිය සඳහා ෆරෑන්ක්ෆර්ට් ජාත්‍යන්තර ගුවන් තාක්ෂණික ප්‍රදර්ශනයේදී සහ 1910 සහ 1911 වසරේදී පවත්වනු ලැබූ අප්රංශ ගුවන් සංදර්ශනයේදී ඔහුගේ පරවියන් විසින් ගනු ලැබූ ඡායාරූප තැපැල්පත් ලෙස අලවි කිරීමක්ද සිදු කරනු ලැබිය.
ප්‍රථමයෙන්ම, පරවි ඡායාරූපකරණය යොදාගනිමින් යුධ හමුදා මෙහෙයුම් වලදී සිදුකිරීමට සිදුවෙන ගුවනේසිට පිරික්සුම් කටයුතු සිදුකිරීමට ඇති හැකියාව සිත්ගන්නා සුළු විය.පළමු ලෝක යුද්ධ සමයේදී යුද්ධ පිටියේ සිදුකෙරුනු පරීක්ෂණ මෙමෙ තාක්ෂනය යොදාගැනීම තව තවත් ධෛර්යමත් කරවන ආකාරයේ ප්‍රථිපල ගෙනදුන්නද මෙහි ප්‍රධාන කාර්ය සඳහා උදව් කිරීමට තිබූ ජංගම පරවී කූඩු මගින් මෙම තාක්ෂනය යොදා ගැනීමෙහිලා විශාල බලපෑමක් සිදුකරන්නට විය.මෙමෙ කාලයේදී ගුවන් තරණ තාක්ෂණයෙහි සිදුවුනාවූ සීග්‍ර දිවුණු වීම හේතුවෙන් පරවී ඡායාරූප කරණයෙහි ලා යුද්ධ හමුදාවට තිබුනාවූ උනන්දුව ක්‍රමයෙන් ගිලිහෙන්නට වූ අතර මේ හේතුව නිසාවෙන් නියුබ්‍රොනර් මහතා ඔහුගේ පරවි ඡායාරූප තාක්ෂනය සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්ෂණ අතහරිනු ලැබීය.මෙමෙ අදහස නැවත වතාවක් 1930දී ස්විස්ටෙර්ලන්ත ජාතික ඔරලෝසු සාදන්නෙකු විසින් සහ වාර්තාගත ලෙස ජර්මානු සහ ප්‍රංශ හමුදා විසින් සැලකිල්ලට ගනු ලැබීය. දෙවන ලෝක යුද්ධ සමයේ යුද්ධ පරවියන් විශාල වශයෙන් යොදාගනු ලැබුවද, යම්කිසි පක්ෂියෙකු ගුවනේසිට පිරික්සුම් කටයුතු සඳහා යොදාගන්නේද,එසේනම් එය කුමන සීමාවක් දක්වාද යන්න අපහදිලිව පැවතිනි.මේ අතර ඇමරිකානු මද්යම රහස් ඔත්තු සේවය (CIA) පරවියන් යොදාගෙන සිදුකරන්නාවූ ඔත්තු බැලීමේ කටයුතු සඳහා බැටරි බලයෙන් ක්‍රියාත්මක වන කැමරාවක් නිර්මාණය කල අතර එය භාවිතය සම්බන්ධ කරුණු රහසිගතව පවතී.
මෙහිදී මෙමෙ පක්ෂින් හට ගෙනයාමට ප්‍රමාණවත් වන පරිඳි කුඩා සහ බරින් ඉතාමත් අඩු කැමරා නිර්මාණයද එම පක්ෂීන්ට කැමරාව ඇතුළු උපන්ග වල බර රැගෙන යාම සඳහා පක්ෂීන් පුහුනුකීරීම සහ එම පක්ෂීන් පාලනයද මෙමෙ තාක්ෂණය භාවිතයෙහිලා පැන නැගුන ප්‍රධාන අභියෝග ලෙස දැක්විය හැකිය. මීට හේතුව වුයේ පරවියන්ගේ ස්ථාපිතය (සිටින ස්ථානය), දිශානුයෝජනය සහ ඡායාරූප ගන්නාවිට පක්ෂියාගේ වේගය යන කරුණු සම්බන්දයෙන් තිබු සීමාසහිත පාලනයි. 2004 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (BBC) ක්ෂුද්‍ර රූපවාහිනි කැමරා සවිකරන ලද උකුස්සන් වැනි පක්ෂීන් යොදාගෙන සජීවී දත්ත ලබාගැනීම සිදු කර තිබෙන අතර අදටත් පර්යේෂකවරුන්, කලාකරුවන් සහ වෙනත් උද්යෝගිමත් පිරිස් විවිධ මාදිලියේ සතුන්ගේ දත්ත රැස්කිරීම සඳහා කුඩා කැමරා එම සතුන්ට සවිකිරීම සිදුකරනු ලබයි .
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/94/Bundesarchiv_Bild_183-R01996%2C_Brieftaube_mit_Fotokamera_cropped.jpg/320px-Bundesarchiv_Bild_183-R01996%2C_Brieftaube_mit_Fotokamera_cropped.jpg)