From Wikipedia, the free encyclopedia
නීම් නීම් ෂාහද් ෂාහද් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු හින්දි භාෂා මාලා නාට්‍යයකි. 2011 අගෝස්තු 15 දින විකාශය ආරම්භ වූ මෙය සහරා වන් නාළිකාව තුළින් විකාශය කෙරිණි.[1] මෙම කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ ක්‍රියේටිව් අයි ලිමිටඩ්හි ධීරාජ් කුමාර් විසින් වන අතර, මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ අම්රපාලි ගුප්තා සහ ක්යාති මංගලා විසිනි.[2] මෙම කතාමාලාවෙන් පසුව එහි දෙවන කථා වාරය තුජ් සන්ග් ප්‍රීත් ලගායි සජ්නා යන නව නාමය යටතේ, වෙනස්ම කථා ගණයක් ලෙස සහරා වන් නාළිකාවෙන් විකාශය විය.[3]
ප්‍රභේදය | නාට්‍ය |
---|---|
ප්‍රවර්ධනය කලේ | අමිත් ඛාන් සහ සන්ධ්‍යා රියාස් |
රචනය කලේ | දීපක් පචෝරි |
අධ්‍යක්ෂණය කලේ | නරේෂ් මල්හෝත්‍රා |
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු) | ප්‍රකාශ් පටෙල් |
රඟපෑම | පහළ බලන්න |
තේමා සංගීත නිර්මාණකරු | මනෝජ් සන්තෝෂි |
ඇරඹුම් තේමාව | "නීම් නීම් ෂාහද් ෂාහද්" - මධුශ්රී සහ චාරු සෙම්වාල් විසිනි |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 139 |
විධායකනිෂ්පාදක(යෝ) | අමිත් කුමාර් |
නිෂ්පාදක(යෝ) | ධීරාජ් කුමාර් සහ සූබි කොඡාර් |
සංස්කාරක(යන්) | රෝචක් අරෝරා සහ සෙලිස්ටීන් ඩි’සූසා |
ස්ථානය(න්) | මුම්බායි, මහාරාෂ්ට්‍ර |
කැමරා සැලැස්ම | බහු-කැමරා |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 24 |
නිෂ්පාදන සමාගම | ක්‍රියේටිව් අයි ලිමිටඩ් |
මුල් නාලිකාව | සහරා වන් |
රූප ආකෘතිය | 1080i (SDTV) |
මුල් ධාවනය | අගෝස්තු 15, 2011 – පෙබරවාරි 24, 2012 |
අනුගමනය වනුයේ | තුජ් සන්ග් ප්‍රීත් ලගායි සජ්නා |
නීම් නීම් ෂාහද් ෂාහද් යනු සොනාලි සහ නිරාලි යන සොයුරියන් දෙපළගේ කථාවයි. ඥාති සොයුරන් දෙදෙනකු සමග විවාහ වන ඔවුන් දෙදෙනා එකම නිවසේ වාසය කරති. මේ දෙදෙනාට පවුල් ජීවිතය පිළිබඳ ලැබෙන්නේ එකිනෙකා අතිශයින් වෙනස් වූ අත්දැකීම් ය. සම්ප්‍රදායික සොනාලි විස්තෘත පවුල් ක්‍රමයට කැමති වුව ද, නූතන නිරාලි ප්‍රිය කරන්නේ න්‍යෂ්ටික පවුල් ක්‍රමයටයි. මේ නිසා අරගලයක් පැන නගින අතර එය සොයුරින් දෙදෙනාගේ ජීවිත වෙනස් කිරීමට හේතු වේ.[4][5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.