නීතිය - සාධාරණතාව
From Wikipedia, the free encyclopedia
නීතිය - සාධාරණතාව සාධාරණතාව යනු ස්වාභාවික යුක්තිය ඉෂ්ට කර ගැනීම සඳහා නීතියේ දැඩි පාලනයට ඌණ පූරණයක් වශයෙන් තදින් ක්‍රියාත්මක වන ඉංග්‍රීසි පොදු නීති සම්ප්රදාය අනුගමනය කරන නෛතික මූලධර්මයන් ලෙස හැඳින් වේ. එය නිරතුරුවම ව්‍යවස්ථාපිත නීතිය (ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරන ලද නීතිය) සහ පොදු නීතිය (විනිසුරුවන් නඩු විසඳීමේ දී ස්ථාපනය කරම ලද මූලධර්ම) සමඟ යෙදීමෙන් ව්‍යාකූලත්වයෙන් යුතුව සංසන්දනය කරනු ලැබේ. වර්තමාන භාවිතයේ දී නීතිය සහ සාධාරණත්වය අතර පවතින ප්‍රධාන වෙනස්කම වන්්නේ එකිනෙක මඟින් ලබාදෙන පිළියම් මතය. අධිකරණ විසින් ප්රදානය කරනු ලබන සිචිල් පිළියම වන්නේ මූල්‍යයමය වන්දි ප්රධානයයි. කෙසේ වෙතත් සාධාරණත්වය මඟින් තහනම් නියෝගයන් හෙවත් යමෙකු ක්‍රියා කල යුතු හෝ වැලකී සිටිය යුතු බවට උපදේශණය කරනු ලබන නියෝගයන් ලබා දෙයි. ප්‍රායෝගික වශයෙන් මෙවැනි සහනයන් නඩු පවරන්නා හට ඉතා ප්‍රයෝජනවත් වේ. අසල්වැසියාගේ දෙපළට ඉබාගාතේ් ගිය තමාට සිටින එකම කිරි ගවයා නැවත ලබා නොදෙන්නේ යැයි කියන පැමිණිලිකරුවෙක් එම ගවයාගේ මූල්‍යයමය වටිනාකම පමණක් නොව ගවයා ද නැවත ලබා ගැනීම අවශ්‍යය වේ. සාමාන්‍යයෙන් නඩු පනරන්නෙකු හට නීතිය තුල ප්‍රමාණවත් පිළියම් නොමැති නම් සාධාරණාත්මක පිළියම් ලබා ගත නොහැක. එනම් අධිකරණය විසින් මූල්‍යයමය හානිය සිදු වූ හානියට පිළියම් වශයෙන් නොසෑහේ නම් තහනම් නියමයක් ලබානොදේ. අධිකරණ හට රීට් නමැති ආඥාවන් නිකුත් කල හැකි වුවත් එවා නම්‍යශීලීත්වයෙන් අඩු සහ තහනම් නියෝග ලබා ගැනීමට වඩා අපහසු වේ. මෙහි පවතින තවත් වෙනසක් වන්නේ සාධාරණත්වයේ දී ජූරියක් නොමැති වීමයි. ඇමෙරිකානු නීතියේ නම් ෆෙඩරල් අධිකරණ තුල සිවිල් නඩු වල දී ජූරි නඩුවකට යොමු වීමට අයිතිය ඇතත් එය නීති අධිකරණ වලට සීමා වී ඇති අතර බොහෝ විට ජූරි නඩුවකට යොමු වීමට තීරණය වන්නේ පැමිණිලිකරු ඉල්ලා ඇති සහනයන් මතය. පැමිණිලිකරු මූල්‍යයමය සහනයන් හෝ දේපළක් ආපසු බාර දීමක් වැනි වෙනත් සහනයන් ඉල්ලා ඇති විටක එවැනි සහන නීත්‍යානුකූල වන අතර ජූරිය කරුනු සොයනන් බවට පත්වේ. අවසාන වශයෙන් නීතිය සහ සාධාරණත්වය අතර ඇති තවත් වෙනස්කමක් වන්නේ නීතිය තීරන ගනු ලබන්නේ නෛතික මතවාදයන් සහ ව්‍යවස්ථාවන්ට අනුව වන අතර සාධාරණකමට සහ නම්‍යශීලීත්වයට හෙවත් සාධාරණත්වයේ සීමාවන් ට වැඩි අවධානයක් යොදමිනි.