නිව් ෆ්රන්ටියර්ස් වැඩසටහන
From Wikipedia, the free encyclopedia
නිව් ෆ්රන්ටියර්ස් වැඩසටහන යනු, සෞර ග්‍රහ මණ්ඩලය පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා ගැනුමෙහි අටියෙන් නාසා ආයතනය මගින් සිදුකෙරෙන අභ්‍යාවකාශ ගවේශණ මෙහෙයුම් මාලාවකි.[2] මෙම වැඩසටහන විසින්, උසස් විද්‍යාත්මක ප්‍රතිඵල ලබාදිය හැකි මධ්‍යම-පංතියෙහි මෙහෙයුම් තෝරාගැනෙයි.
දේශීය සහ විදේශීය යන විද්‍යාඥයින් දෙවර්ගයම විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මෙහෙයුම් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා නාසා විසින් අනුබල දෙනු ලබයි.[උපහරණ ඇවැසිය]
ප්‍රධාන අන්වේක්ෂකයෙකු-විසින් නායකත්වය සැපයුනු මෙහෙයුම් වන්නාවූ ඩිස්කවරි සහ එක්ස්ප්ලෝර වැඩසටහන් විසින් භාවිතා කෙරුනු නවෝද්‍ය එළැඹුම මත පදනම්ව නිව් ෆ්රන්ටියර්ස් වැඩසටහන නිමැවී ඇත. ඩිස්කවරි වැඩසටහන සඳහා ව්‍යවහාරිත පිරිවැය සහ කාලය පිළිබඳ සංරෝධයන් තුල සාක්ෂාත් කර ගත නොහැකි මුත්, ෆ්ලෑග්ෂිප්-පංතියේ මෙහෙයුම් තරම් විශාල නොවන මධ්‍යම-පංතියෙහි මෙහෙයුම් සඳහා එය නිර්මාණය කර ඇත. වර්තමානයෙහි නිව් ෆ්රන්ටියර්ස් මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක වන අතර, ඒවා වන්නේ 2006 ජනවාරි 19 දින දියත් කෙරුණු නිව් හොරයිසන්ස් සහ 2011 අගෝස්තු 5 දින දියත් කෙරුණු ජුනෝ යන මෙහෙයුම් වෙති; ඔසයිරස්-ආර්එක්ස් නම් තුන්වන නිව් ෆ්රන්ටියර්ස් මෙහෙයුමක්, 2016 සැප්තැම්බර් සාසයෙහිදී දියත් කෙරුමට තෝරා ගෙන ඇත.