නැනෝ තාක්ෂණය
නිනිති තාක්ෂණය / අඟුටුමිටි තාක්ෂණය ලෙසද මෙම තාක්ෂණය හඳුන්වයි / From Wikipedia, the free encyclopedia
නැනෝ තාක්ෂණය වර්තමානයේ ලොව පුරාම අවධානයට, සාකච්ඡාවට, පරීක්ෂණ වලට වගේම අභියෝගයට ලක්වී ඇති ක්ෂේත්රයකි. විවිධ ක්ෂේත්‍ර තුළ මේ ගැන පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. මෙය නිසා ලොව පුරාම විශාල වෙනසක්, පුදුම සහගත පෙරළියක් සිදුවෙතැයි සියළු දෙනා බලාපොරොත්තු වෙති. ගල් යුගයෙන් අරඹා, ගින්දර සොයාගෙන, රෝදය නිෂ්පාදනය කර, ක්‍රම ක්‍රමයෙන් දියුණු වී ලෝහ සොයා ගැනීමත් සමඟ කෘෂි කර්මාන්තයේ හා අනෙකුත් ක්ෂේත්‍ර වල විශාල දියුණුවක් සිදු විය. ඉන් පසු කාර්මික විප්ලවය සමඟ තවත් නව සොයා ගැනීම්, දියුණු කිරීම් සිදු විය. මේ එම කාර්මික විප්ලවයේ ඊළඟ අදියරයි, නැනෝ තාක්ෂණය හරහා සිදු වීමට යන දියුණුව.නැනෝ යනු "අගුටුමිටි" යන අදහස දෙන වචනයකි. නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙයින්මාන් නම් භෞතික විද්‍යාඥයා හරහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේය.
කුඩා බව, වේගවත් බව හා ලාභදායිකම නිසා නැණෝ තාක්ෂණය ලොව පුරා ජනප්‍රියව පවතී. නැණෝ මීටරය එහි වූ මිණුම් දණ්ඩයි.
අප හඳුනන මීටරයකින් බිලියනයකින් එක් කොටසක් වූ නැණෝ මීටරයක විෂ්කම්භය අපගේ කෙස් ගසක විෂ්කම්භයට වඩා 50,000 වාරයකින් කුඩා ය. නැණෝ අංශුවක් එල්ලේ ක්‍රීඩා කරන පන්දුවක් සමඟ සසදා බලන්නේ නම් එල්ලේ පන්දුව නැණෝ අංශුව මෙන් 107 වාරයක් (10,000,0000) විශාලය.
ප්‍රමාණය එසේ වුවද, නැණෝ තාක්ෂණික නිමැයුම් හා ද්‍රව්‍ය ගැන සලකා බැලීමේ දී, ඒවායේ වු සැහැල්ලූ බව, ශක්තිමත් බව, විනිවිදභාවය සහ කි‍්‍රයාශීලිභාවය, ඉක්මන් ප‍්‍රතික‍්‍රියාකාරීභාවය වැනි ගුණාංග සහ වෙනත් ද්‍රව්‍ය හා මිශ්‍ර කිරීමෙන් පසු එකී ද්‍රව්‍යයන්ට ලබාදෙන අතිමහත් ශක්තිය හා කාර්යක්ෂම බව නැණෝ තාක්ෂණය කෙරේ ලෝකයේ ම අවධානය යොමු වීමට හේතු විය.
වර්ෂ 2015 දී සපුරා ගත යුතු ඉලක්ක කේන්ද්‍රකොට ගනිමින් වර්ෂ 2010 දී ජර්මනිය දියත් කළ පස් අවුරුදු නැණෝ තාක්ෂණ අභිවෘද්ධි කි‍්‍රයාන්විතය සඳහා වෙන් කරන ලද මුදල යුරෝ මිලියන 400 කි. මෙම මුදල නැණෝ තාක්ෂණය වැඩි දියුණු කිරීම උදෙසා බටහිර යුරෝපීය රටක් වෙන්කළ විශාලම මුදල සේ සැලකේ.
බලශක්තිය, දේශගුණය, සෞඛ්‍යය සහ ආහාර, ආරක්ෂාව සහ සංචලනය (mobility) යන ක්ෂ්ත්රයන්හි සංවර්ධනය සහ අධි තාක්ෂණික උපාය මාර්ග වැඩි දියුණු කිරීම, නැණෝ තාක්ෂණික ක්‍රමවේදයන් තුළින් තම දේශය වෙත දිනා ගැනීම එහි අපේක්ෂාව යි.
ජර්මනිය හැරුණ විට නැණෝ තාක්ෂණය උදෙසා විශාල මුදලක් වාර්ෂිකව වෙන් කරනු ලබන අනෙක් රට වන්නේ චීනයයි. එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි. රුසියාව වාර්ෂිකව ඩොලර් මිලියන 25 ක් ද, අපේ අසල්වැසි ඉන්දියාව වසරකට ඩොලර් මිලියන 23 ක්ද, නැණෝ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වැය කරයි.