න්‍යෂ්ටික අම්ල ද්විත්ව හෙලික්සය
From Wikipedia, the free encyclopedia
අණුක ජීව විද්‍යාවේ දී, ද්විත්ව හෙලික්සය යන වචනයෙන්[1] හඳුන්වන්නේ DNA වැනි න්‍යෂ්ටික අම්ල වල ඇති ද්වී-පට අණු වලින් සෑදී ඇති ව්‍යුහය යි. න්‍යෂ්ටික භස්ම සංකීර්ණයක ද්විත්ව හෙලික්සීය ව්‍යුහය මතුවන්නේ ද්විතීයික ව්‍යුහයේ ප්‍රතිඵලයක් වශයෙනි, එමෙන්ම එය තෘතීයික ව්‍යුහය තීරණය කිරීමේ මූලික සංඝටකයකි. මෙම වචනය ජනප්‍රියත්වයට පත්වන්නේ 1968 දී ප්‍රකාශිත ජේම්ස් වොට්සන් ගේ The Double Helix: A Personal Account of the Discovery of the Structure of DNA නම් පොත නිසා ය.
න්‍යෂ්ටික අම්ලයේ DNA ද්විත්ව හෙලික්ස ජෛවබහුඅවයවකය එකට රඳවා තබාගන්නේ නියුක්ලියෝටයිඩ අතර ඇති භස්ම යුගල මගිනි.[2] B-DNA වලදී, ස්වභාවයේ සුලබවම හමුවන ද්විත්ව හෙලික්සීය ව්‍යුහය වන, ද්විත්ව හෙලික්සය දක්ෂිණාවර්ත වන අතර එක වටයකට භස්ම යුගල 10–10.5 වේ.[3] DNA වල ද්විත්ව හෙලික්ස ව්‍යුහයට මහා ඇලිය සහ කුඩා ඇලිය ලෙස කොටස් දෙකක් අඩංගු වේ. B-DNA වල මහා ඇලිය, කුඩා ඇලියට වඩා පළල් වේ.[2] මහා ඇලිය සහ කුඩා ඇලිය අතර පළලවල් වල වෙනස නිසා, B-DNA වලට බැඳෙන බොහෝ ප්‍රෝටීන, වඩා පළල මහා ඇලිය හරහා සම්බන්ධ වේ.[4]