න්යුන්ග්වේ වනාන්තරය (රුවන්ඩාව )
From Wikipedia, the free encyclopedia
න්යුන්ග්වේ ජාතික වනෝද්‍යානය රුවන්ඩාවෙහි පිහිටා ඇත. මෙය කිවු විලල දකුණින් පිහිට ඇති අතර බුරින්දි දේශයට එක් මායිමක් පවතී. මෙය 2004දී ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කෙරුනු අතර වර්ග කිලෝමීටර 970ක වපසරියක් පුරා පැතිරී පවතී.වැසි වනාන්තර,බැම්බූ,මඩ ගොහොරු,තෘණ බිම් සහ කලපු යන විවිධාකාර ලක්ෂණ පෙන්වන වනාන්තරයක් ලෙස මෙය හැඳින් විය හැකිය. සියන්ගුගූ නගරය වනාන්තරයට ආසන්නතම නගරය වන අතර ඊට කිලෝ මීටර් 54ක් බටහිරින් පිහිටි බිගුගු කඳු වැටිය මෙහි තවත් එක් සීමාවක් දක්වයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/e/e0/Nyungw.jpg)