නවයොවුන් ලිංගිකත්වය
From Wikipedia, the free encyclopedia
නවයොවුන් ලිංගිකත්වය යනු නවයෞවනයන්ගේ ලිංගික හැගීම්, හැසිරීම් සහ මනෝලිංගික සංවර්ධනය ඇතුළත් කරගත් මානව ලිංගිකත්වයේ නිශ්චිත අවධියක් වේ. ලිංගිකත්වය නවයොවුන් දිවිය තුළ නිරන්තර ව සක්‍රීය භූමිකාවකට හිමිකම් කියන්නකි. ඔවුන්ගේ සංස්කෘතික වටිනාකම් සහ සමාජ සම්මතයන්, ඔවුන්ගේ ලිංගික දිශානතිය, සහ ලිංගික ව හැසිරිය හැකි අවම නෛතික වයස් සීමාව වැනි සමාජීය සීමාකිරීම් බොහෝ අවස්ථාවන්වල දී නවයොවුන් ලිංගිකත්වය කෙරෙහි බලපෑම් කරන සාධක ලෙස දැක්විය හැකි ය.
මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න. |
මානව විශේෂය තුළ සාමාන්‍යයෙන් පරිණත ලිංගික ආශාවක් ඇතිවනු දැකිය හැකිවන්නේ යෞවනෝදය උදාවීමත් සමග ය. ලිංගිකමය භාවයන් ස්වයං වින්දනය හෝ සහකරුවතු සමග ලිංගික හැසිරිම වැනි ස්වරූපයක් තුළ ප්‍රකාශ විය හැකි ය. වැඩිහිටියන්ගේ මෙන් ම නවයෞවනයන්ගේ ලිංගික රුචිකත්වයන් ද සෑහෙන විවිධත්වයකට හිමිකම් කියති. නවයොවුන් ලිංගික හැසිරීම් බොහෝවිට අනවශ්‍ය ගැබ්ගැනීම් සහ එච්. අයි.වී. ඇතුළු ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග සමග බැඳී පවතී.
නවයොවුන් ලිංගිකත්වය හා සබැඳි අවදානම් තත්ත්වයන් උත්සන්න වීමට ඔවුන්ගේ මොළය නියුරෝනමය ලෙස පූර්ණසංවර්ධිත නොවීම ද හේතු විය හැකි ය. ස්වයං පාලනයට, ආශාවන් මැඩගැනීමට සහ අවදානම් හැඳිනීමට වැදගත් වන ලලාට ඛණ්ඩිකාවේ මස්තිෂ්ක වල්කයෙහි සහ හයිපොතැලමසයෙහි ප්‍රදේශ කීපයක් මෙම අවධිය වන විට ද මුළුමනින් ම විකසනය වී නැත. වයස අවුරුදු 25ක් වන තුරු ම මිනිස් මොළය පූර්ණ ලෙස සංවර්ධනය නොවේ.මෙයට හේතුව වශයෙන් තරුණ අසරණ දරුවන්ට හොඳ තීරණ ගැනීමට සහ ලිංගික හැසිරීම් වල ප්‍රතිවිපාක අපේක්ෂා කිරීම සඳහා වැඩිහිටියන් සාමාන්‍යයෙන් අඩු මට්ටමක පවතී. යෞවනයන් තුළ මොළයේ හැසිරීම් සහ චර්යාවන්ට සම්බන්ධිත සම්බන්ධතා අධ්‍යයනයන් විවේචනයට ලක් නොකළ අතර ඒවාට හේතුවක් නොවන බව හා ඇතැම් විට සංස්කෘතික අන්තරායන් යළි තහවුරු කර ගැනීම සඳහා විවේචනයට ලක් කර ඇත.