නත්තල් ගස් වගා කිරීම
From Wikipedia, the free encyclopedia
නත්තල් ගස් වගා කිරීම යනු කෘෂිකාර්මික,වන වගා සහ උද්‍යාන වගාවේ නියැලෙන්නන් විශේෂයෙන් නත්තල් ගස් සඳහාම පාවිච්චි කරන්නා වූ පයින්(Pine),ස්පෘස්(Spruce) හා fපර්(Fir) වැනි ශාක විශේෂ වගා කිරීමයි. නත්තල් ගස් වගා කිරීමේ ගොවිපලක් මුලින්ම ස්ථාපනය වූයේ 1901 දී වූවද, බොහෝ පාරිභෝගිකයන් 1930 හා 1940 ගණන් වනතුරුම තමාට අවශ්‍ය ශාක ලබා ගත්තේ වනාන්තරයෙනි.නත්තල් ගස් වගා කිරීම වරකදී ප්‍රමිතියෙන් අඩු ගොඩබිම් වගා කිරීම සඳහා යෙදූ ජීව්‍ය විකල්පයක් ලෙස යොදා ගත් නමුත් කෘෂි කර්මාන්තයේ දියුණුවත් සමඟ එම අනුදැනුම වෙනස් වී ඇත.ගුණාත්මක භාවයෙන් යුත් ප්‍රශස්ථ අස්වැන්නක් ලබා ගැනීම සඳහා වගාබිම් සමතලා විය යුතු අතර, යටි වගාවෙන් හා දිරාපත් වන ශේෂ කොටස් වලින් තොර විය යුතු බව දැන් සැලකේ.
පයින් හා fපර් ශාක විශේෂ වල පුළුල් භේද ගණනාවක් නත්තල් ගස් ලෙස වගා කළ ද ඒවායින් වඩා ජනප්‍රිය විශේෂ ඇත්තේ අතලොස්සක් පමණි. එක්සත් ජනපදය තුළ ඩොග්ලස් fපර්( Doglas fir), ස්කොට්ස් fපර්(Scots fir), fප්‍රේසර් fපර්(Fraser fir) යන ශාක විශේෂ හොඳින් අලෙවි වන විශේෂ වේ. එක්සත් රාජධානිය තුළ හොඳින් අලෙවි වන විශේෂ වනුයේ නෝර්මැනන් fපර්(Nordmann fir) හා නෝර්වේ ස්පෘස්(Norway spruce) යන ශාක විශේෂ වන අතර මේවා යුරෝපය තුළද ජනප්‍රිය වෙමින් පවතී. අනෙකුත් ඕනෑම කේතුධර ශාකයක් මෙන්ම නත්තල් ගස් ද පලිබෝධකයන්ට පහසුවෙන් ගොඳුරු විය හැකි ශාක වේ. කෘමි පලිබෝධකයන් අතර adelgids සහ කූඩිත්තන් වඩාත් සුළභ ගැටළුව වී ඇති අතර ඕක් ශාක ක්ෂණික මිය යාම(sudden oak death) කැලිෆෝනියාවේ ගොවිපල වල වර්ධනය වෙමින් පවතින ගැටළුවක් වේ. පලිබෝනාශක භාවිතය, ජෛව විවිධත්වයට බලපෑම් ඇති කළ හැකි බැවින්, නත්තල් ගස් වගාව පරිසරවේදීන්ගේ විවේචනයටද ලක් වූ කරුණක් වී ඇත.
වගාවේ අවසාන පියවර වන අස්වැන්න ලබා ගැනීම ක්‍රම කිහිපයකින් සිදු වන අතර වඩා ජනප්‍රිය එක් ක්‍රමයක් වන්නේ; පාරිභෝගිකයාට සිය වගා බිමට ඇතුල් වීමට ඉඩ දී, මිලයට ගන්නා ගස් වර්ග තෝරා ගෙන, ඔවුන් විසින්ම ඒවා කපා ගැනීමේ ක්‍රමයයි. තවත් සමහර ගොවීන් ශාක මූල ගෝල(balled roots) සහිතව පෝච්චි තුළ වගා කරන අතර ඒවා නත්තල් සඳහා භාවිතා කර ආපසු වගා කර නැවත ඒවා ඊළඟ වසර සඳහාද භාවිතා කරනු ලැබේ. එක්සත් ජනපදය නත්තල් ගස් වල ප්රවේණි සංයුතිය පිලිබඳව පර්යේශණ පවත්වා ඇති අතර, වඩා හොඳ ජාන දර්ශ සහිත බීජ නිපදවා ඇත. ගුණාත්මක බවින් වැඩි හා හොඳ අස්වැන්නක් ලබා දෙන නත්තල් ශාක මෙම බීජ වගා කිරීමෙන් ලබා ගත හැක. කැනඩාව හා එක්සත් ජනපදය විසින් නත්තල් ගස් කැපීම සඳහා නීතිමය ප්‍රමිති තත්ත්වයන් ප්‍රකාශයට පත් කර ඇත.