ඇම්පියර් තුලාව හා කෙල්වින් තුලාව යන නම්වලින් ද හඳුන්වනු ලබන ධාරා තුලාව වනාහි ඉතා නිරවද්‍ය ලෙස විද්‍යුත් ධාරාවෙහි SI ඒකකය වන ඇම්පියරය මැනීම සඳහා වන විද්‍යුත් යාන්ත්‍රික ඇටවුම කි. එය කෙල්වින් සාමිවරයා විසින් නිර්මාණය කරන ලද්දකි.

ධාරා තුලාව

මැනිය යුතු ධාරාව කම්බි දඟර දෙකක් හරහා ශ්‍රේණිගත ව යවන අතර, ඉන් එක් දඟරයක් සංවේදී තුලාවක බාහුවකට සම්බන්ධ කර ඇත. අනෙක් බාහුව සමතුලිත කිරීමට අවශ්‍ය වන බර ප්‍රමාණය ඇසුරෙන් ගම්බි දඟර දෙක අතර ඇති චුම්භක බලය මැනිය හැක. එමගින් දඟර තුළින් ගලා ගිය ධාරාව ගණනය කළ හැක.

ධාරා තුලාවෙහි ඇති ප්‍රධාන දුර්වලතාවයක් වනුයේ ධාරාව ගණනය කිරීම සඳහා කම්බි දඟරවල විවිධ මිනුම් ද අවශ්‍ය වීමයි. එබැවින්, කම්බි දඟරවල ලබා ගන්නා මිනුම්වල නිරවද්‍යතාවය ත්, ඒවායේ යාන්ත්‍රික දෘඩභාවයත් මගින් ධාරා මිනුමෙහි නිරවද්‍යතාවය සීමා කෙරේ. මෙම දුෂ්කරතා මග හරිමින් නිර්මාණය කර ඇති වොට් තුලාව නම් උපකරණය දැන් ධාරා තුලාව වෙනුවට භාවිතා කෙරේ.

භාවිතය

Thumb
කෙල්වින් ගේ ධාරා තුලාවේ රූටනය

පරිමාණය මත ඇති භාරයන්ගේ පිහිටුම්වල කියැවීම් මගින් දළ පාඨාංක ලබා ගැනීම සිදු කරනු ලබයි. එසේත් නැතහොත්, වඩාත් නිවැරදි පාඨාංක ලබා ගැනීම සඳහා පහත ක්‍රියා පටිපාටිය අනුගමනය කරනු ලබයි: ධාරා තුලාවෙහි භාරයන් සර්පණය වන තට්ටුවේ ඉහළ දාරය සමාන බෙදුම්වලට ක්‍රමාංකනය කොට ඇත. තට්ටුව මත භාරයේ පිහිටුම වඩාත් නිවැරදි ව නිශ්චය කිරීම සඳහා භාරයට තියුණු ලෝහ දිවතක් ද සම්බන්ධ කොට ඇත. දී ඇති භාරයක් සඳහා තුලාව සමතුලිතතාවයේ පවතින විට එතුළින් ගලා යන ධාරාව, එම භාරය නිසා ඇති වන යුග්මයේ විශාලත්වයෙහි වර්ගමූලයට සමානුපාතික වේ. මේ අනුව, තුලාව සමතුලිත පිහිටුමේ අැති විට ධාරා ප්‍රබලතාවය, යොදා ගත් භාරයේ විශාලත්වයෙහි වර්ගමූලයේ ත්, භාරය එහි ශුන්‍ය පිහිටුමේ සිට විස්ථාපනය වූ දුරෙහි වර්ගමූලයේ ත් ගුණිතයට සමානුපාතික වන බව කිව හැක. සෑම ධාරා තුලාවක් සමගම භාරයන් යුගලක් ද, වර්ගමූල වගු ද ලබා දේ. එමගින්, සර්පණය වන භාරයේ පිහිටුමට අනුරූප පාඨාංකවල වර්ගමූල අගයන් ඇසුරෙන් වගු භාවිත කර එක්වරම ධාරාවෙහි අගය ඇම්පියර්වලින් ලබා ගත හැක. සෑම ධාරා තුලිවක් ම නිර්මාණය කරනුයේ කිසියම් පාඨාංක පරාසයක් කියවිය හැකි වන පරිදි ය. එනම්, සෙන්ටි-ඇම්පියර් තුලාවකින් සෙන්ටි-ඇම්පියර් 1 සිට 100 දක්වා ත්, ඩෙසි-ඇම්පියර් තුලාවකින් ඩෙසි-ඇම්පියර් 1 සිට 100 දක්වා ත්, ඇම්පියර් තුලාවකින් ඇම්පියර් 1 සිට 100 දක්වා ත් ආදී ලෙස ධාරා මැනිය හැක.

පරිශීලන

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.