ද ටයිම්ස්
බ්‍රිතන්‍ය පුවත් පතක් / From Wikipedia, the free encyclopedia
ද ටයිම්ස් යනු, ලන්ඩනය පදනම් කරගෙන ප්‍රකාශයට පත් කෙරෙන බ්‍රිතාන්‍ය දිනපතා ජාතික පුවත්පතකි. වසර 1785 දී ද ඩේලි යුනිවර්සල් රෙජිස්ටර් යන නම යටතේ ඇරඹුනු එය, 1788 ජනවාරි 1 දිනදී ද ටයිම්ස් බවට පත් විය. ද ටයිම්ස් සහ (1821 වසරෙහිදී ඇරඹුනු) එහි බුහුනණි පුවත්පත ද සන්ඩේ ටයිම්ස් යන පුවත්පත්, වසර 1981 හි සිට, රූපට් මර්ඩෝක් විසින් ප්‍රධානත්වය දරන නිවුස් කෝර්ප් සමූහයේ පූර්ණ අයිතියට අයත් නිවුස් යූකේ සමාගමෙහි උපාංගයක් වන ටයිම්ස් නිවුස්පේපර්ස් වෙතින් ප්‍රකාශයට පත් කෙරෙයි. ද ටයිම්ස් සහ ද සන්ඩේ ටයිම්ස් වෙතින් සංස්කාරක කාර්යමණ්ඩලය හවුලේ භාවිතා නොකරන අතර, ස්වාධීන වන සංස්ථාපිත කොට, වසර 1967 සිට පොදු ස්වාමිත්වයක් සහිත වෙයි.
Quick Facts වර්ගය, ආකෘතිය ...
වර්ගය | දිනපතා පුවත්පත |
---|---|
ආකෘතිය | සුසංහත |
අයිතිකරු | නිවුස් යූකේ |
සංස්කාරක | ජෝන් විදරෝ [1] |
ඇරඹුනේ | 1 ජනවාරි 1785 |
මූලස්ථානය | වොපිං, ලන්ඩනය, එක්සත් රාජධානිය |
සංසරණය | 394,448 (මාර්තු 2014)[2] |
බුහුනණීය පුවත්පත් | ද සන්ඩේ ටයිම්ස් |
ISSN | 0140-0460 |
නිල වෙබ්අඩවිය | www.thetimes.co.uk |
Close