ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතා මාලාවේ අටවන වාරය එක්ස්-ෆයිල්ස් එක්සත් ජනපදයේ විකාශනය From Wikipedia, the free encyclopedia
ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස්හි අටවන කථාවාරය 2000 නොවැම්බර් 5 දින එක්සත් ජනපදය තුළ විකාශය ඇරඹූ අතර 2001 මැයි 20 දින සමාප්ත විය. මෙය කථාංග විසිඑකකින් සමන්විත ය. මෙම අටවන කථාවාරය ඇරඹෙන්නේ , හත්වන කථාවාරයේ දී ෆොක්ස් මෝල්ඩර්ව (ඩේවිඩ් ඩචොව්නි) පිටසකවල ජීවීන් විසින් පැහැරගැනීමෙන් පසුවයි. මෙහිදී කථාවාරයේ දෙවන අර්ධය තෙක්ම මෝල්ඩර් සොයා සිදුවන ගවේෂණයත්, ඩේනා ස්කලීගේ (ගිලියන් ඇන්ඩර්සන්) ගර්භනීභාවය පිළිබඳවත් නිරූපණය වේ. මෙම කථා තේමාව අවසානය තෙක්ම විහිදෙන අතර මීළඟ කථාවාරය හා සන්තතික ය. මෙම කථාවාරය තුළින් ජීවිතය, මරණය සහ විශ්වාසය වැනි විවිධ තේමා පසුබිම් වේ.
ද එක්ස්-ෆයිල්ස් (වාරය 8) | |
---|---|
ප්‍රධාන රංගනය |
|
සම්භව රට | එක්සත් ජනපදය |
කථාංග සං. | 21 |
නිකුතුව | |
මුල් ජාලය | ෆොක්ස් |
මුල් නිකුතුව | නොවැම්බර් 5, 2000 – මැයි 20, 2001 |
වාරය කාලානුක්‍රමය | |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.