දේශීය ඇමතුම් සංකේත ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
මෙය ITU-T නිර්දේශිත E.123 සහ E.164 විසින් නිශ්චිත කරන ලද දේශීය ඇමතුම් සංකේත ලැයිස්තුවකි, IDD (ජාත්‍යන්තර ඍජු අංකන) හෝ ISD (ජාත්‍යන්තර ග්රාහක අංකන) සංකේත ලෙසද මෙය හඳුන්වනු ලබයි.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
දුරකථන පද්ධතියක් සඳහා වූ දුරකථන අංක යෙදීම් සැලැස්ම තුල ජාත්‍යන්තර අංකන උපසර්ගයක් අඩංගු වේ, නිදසුනක් ලෙස අමතන්නා අංකනය කරන්නේ කුමන රටකින්ද කියා විශේෂණය කිරීම සඳහා දේශීය ඇමතුම් සංකේතයට පෙර යොදන "00" හෝ "011" ගත හැක. සාමාන්‍යයෙන්, පහත දැක්වෙන ලයිස්තුවේ අඩංගු වෙන පරිදි, මෙම උපසර්ගය සඳහා අවශ්‍යතාවය "+" සමඟ විශේෂණය වේ.