දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය
From Wikipedia, the free encyclopedia
දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය යනු ශ්‍රි ලංකාවේ දකුණු ලක්ෂ්‍යය අසල දෙවුන්දර තුඩුවේ පිහිටා ඇති, ශ්‍රි ලංකාවේ උසම ප්‍රදීපාගාරය වන අතර එය අග්නිදිග ආසියාවේ උසම ප්‍රදීපාගාර අතරින් එකක් වේ.[1] දෙවුන්දරතුඩුව ප්‍රදීපාගාරය බලපැවැත්වීම හා නඩත්තු කිරීම ශ්‍රි ලංකා වරාය අධිකාරිය විසින් පවත්වාගෙන යයි.
Quick Facts පිහිටීම, ඛණ්ඩාංක ...
පිහිටීම | දෙවුන්දර තුඩුව දකුණු පළාත ශ්‍රී ලංකාව |
---|---|
ඛණ්ඩාංක | 5°55′16.71″N 80°35′38.73″E |
ඉදිකිරීම | 1890 |
සන්දර්භය | ගඩොල් කුළුණ |
කුළුණේ හැඩය | අෂ්ටාශ්ර හැඩැති ප්‍රිස්මාකාර කුළුණ |
Markings / pattern | ධවල කුළුණ, පීත කවුළු |
උස | 49 m (161 ft) |
නාභිගත උස | 47 මීටර (154 ft) |
පරාසය | 28 nautical miles (52 km; 32 mi) |
Characteristic | Fl W 5s.[1] |
Admiralty අංකය | F0836 |
NGA අංකය | 27276 |
ARLHS අංකය | SLI-001 |
නඩත්තුව | ශ්‍රි ලංකා වරාය අධිකාරිය[2] |
Close
මාතර නගරයට අග්නිදිගින් ආසන්න වශයෙන් කි.මී. 6 (3.7 සැත)ක් දුරින් දෙවුන්දර ගම්මානය අසල ප්‍රදීපාගාරය පිහිටා තිබේ. දෙවුන්දර යන නාමය, දේශීය සිංහල භාෂාවෙන් " දෙවි -නුවර" සඳහා යොදාගන්නා අතර "දේවී" යන්නෙහි තේරුම "දෙවියන්" හා "නුවර" යන්නෙහි තේරුම "නගරය" වේ. ඒ නිසා දෙවුන්දර "දෙවිවරුන්ගේ නගරය" ලෙස ව්‍යුත්පන්න කර ඇත.