දිය ඇලි ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
මෙහි වන්නේ ලෝකයේ සැලකිය යුතු මට්ටමේ දිය ඇලි ලැයිස්තුව කි. මෙය මහාද්වීපය, ඉන්පසුව රට, ඉන් පසුව පලාත, ඉන්පසුව ප්‍රදේශය අනුව පෙළ ගස්වන ලද ලැයිස්තුවක් වෙයි. මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීමේ දී විකිපීඩියාව තුළ එයට අදාළ ලිපියක් ඇත් ද, සහ උස අවම වශයෙන් 15 m (50 ft) වන, හෝ එම දිය ඇල්ල යම් ඓතිහාසික වැදගත් කමක් ඇත් ද යන උපමාන භාවිතා කොට ඇත.
දිය ඇල්ලක උස හෝ පළල ගණනය කිරීම සඳහා සම්මතයක් නොමැත. මෙම ලැයිස්තුවේ දක්වා ඇති උස හෝ පළල භාවිතයෙන් දිය ඇලි ශ්‍රේණිගත කිරීම නොකළ යුතුය. බොහෝ අගයන් ඇස්තමේන්තු ගත අගයන් වන අතර නිරවද්‍ය නොවීමට ඉඩ ඇත. වැඩි දුර තොරතුරු සඳහා උස, ගලා යෑමේ වේගය සහ වර්ගය අනුව වන දිය ඇලි ලැයිස්තු වෙත යොමු වන්න.